LPL වෙන්දේසියට පෙර අත්සන් කළ ක්‍රීඩකයින් 20 දෙනා නිවේදනය කෙරේ

ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර සදහා මේ වන විටත් ක්‍රීඩකයින් 20 දෙනෙකු කණ්ඩායම් 5 සමග සෘජුවම ගිවිසුම්ගත වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජූනි 11 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඊට පෙර විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග ගිවිසුම්ගත වීමට කණ්ඩායම් 5 සදහා අවස්ථාව ලබා දීමටයි තරගාවලියේ සංවිධායකයින් තීරණය කළේ.
ඒ සදහා අමෙරිකානු ඩොලර් 500,000 ක් බැගින් වියදම් කිරීමට සෑම කණ්ඩායමකටම අවසර ලබා දී තිබුණා. ක්‍රීඩක වෙන්දේසියේ දී ද අමෙරිකානු ඩොලර් 500,000 ක් බැගින් වියදම් කිරීමට සෑම කණ්ඩායමකටම අවස්ථාව හිමි වනවා. ඒ අනුව මෙවර තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා එක් කණ්ඩායමකට වියදම් කළ හැකි සමස්ථ මුදල අමෙරිකානු ඩොලර් මිලියනයක්.
මේ වන විට ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 500 කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බවයි තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.
මහනුවර හා කොළඹ යන කණ්ඩායම්වල පමණක් හිමිකාරීත්වයේ වෙනසක් සිදුව ඇතත්, සෙසු කණ්ඩායම් තුනේ හිමිකාරීත්වයේ වෙනසක් සිදුව නොමැති බව ද හෙතෙම කියා සිටියා.
මේ වන විට ගිවිසුම්ගත වී සිටින ක්‍රීඩකයින් 20 දෙනා –
Colombo Strikers : Babar Azam, Matheesha Pathirana, Naseem Shah, Chamika Karunaratne
Dambulla Aura : Mathew Wade, Kusal Mendis, Lungi Ngidi, Avishka Fernando
Galle Gladiators : Shakib Al Hasan, Dasun Shanaka, Tabraiz Shamsi, Bhanuka Rajapaksa
Jaffna Kings : David Miller, Thisara Perera, Rahmanullah Gurbaz, Maheesh Theekshana
Kandy Falcons : Mujeeb Ur Rahman, Wanindu Hasaranga, Fakhar Zaman, Angelo Mathews