Ultimate magazine theme for WordPress.

LPL තෙවැනි අදියරේ දින ප්‍රකාශයට පත් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර ලබන ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(10) පස්වරුවේ නිවේදනය කළා.

තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී හා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය පළමුව කොළඹ දී පවත්වා අනතුරුව තරගාවලියේ අවසන් භාගයේ තරග හම්බන්තොටදී පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙවර තරගාවලිය සදහා ද කණ්ඩායම් 5ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

තරගාවලිය සදහා තරග 24ක් ඇතුළත්.

තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.