Ultimate magazine theme for WordPress.

LPL තවත් තරග දෙකක් අද

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දෙවැනි දිනය අදයි(31).

අද දිනයේ දී තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දිනයේ පළමු තරගය හෙවත් තරගාවලියේ දෙවැනි තරගය අද පස්වරු 3ට ගෝල් ටයිටන්ස් කණ්ඩායම හා දඹුල්ල අවුරා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

දිනයේ දෙවැනි තරගය පැවැත්වෙන්නේ රාත්‍රී 7.30ටයි. ඒ, බී-ලව් කැන්ඩි කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතරයි.

මෙම තරග දෙකම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති පළමු තරගයෙන් කලම්බු කණ්ඩායම පරදා ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.

[event_blocks id=”49361″ title=”තරග කාලසටහන” event=”” team=”0″ league=”431″ season=”415″ venue=”0″ status=”future” format=”default” date=”0″ date_from=”default” date_to=”default” date_past=”” date_future=”” date_relative=”0″ day=”” number=”19″ orderby=”default” order=”default” show_all_events_link=”0″ align=”none”]