LPL තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නේ මෙහෙමයි
එළඹෙන 6 වැනිදා සිට ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම අද(4) සිට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රවේශ පත්‍ර කවුලු තුළින් අද සිට ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.
එළඹෙන 6 වැනිදා සිට 8 වැනිදා දක්වා හම්බන්තොට පැවැත්වෙන තරගවලට අදාළ ප්‍රවේශ පත්‍ර එහිදී මිලදී ගත හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා වන කාලය තුළ දී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ද ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.
රුපියල් 300, 500, 800, 2,500, 3,000, 7,000 හා 8,000 යන මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර අලෙවි කෙරෙනවා.
ALSO READ : LPL තරග කාලසටහන
මහනුවර හා කොළඹ දී පැවැත්වෙන තරගවලට අදාළ ප්‍රවේශ පත්‍ර එම තරග ආරම්භයට දින තුනකට පෙර සිට අදාළ ක්‍රීඩාංගනවල දී අලෙවි කිරීමට නියමිතයි.