LPL තරගාවලියේ තරග නිළධාරීන් නිවේදනය කෙරේ
එළඹෙන 30 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන තරග නිළධාරීන් පිළිබද තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(28) නිවේදනය කළා.
ඒ අනුව අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තරගාවලිය සදහා සිව්දෙනෙකුගෙන් යුත් තරග තීරක මඩුල්ලක් නම් කිරීමටයි තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන ඇත්තේ.
ප්‍රවීන ජාත්‍යන්තර තරග තීරකවරයෙකු වන රංජන් මඩුගල්ල මහතා ද තරග තීරකවරයෙකු ලෙස එල්.පී.එල් තරගාවලියට එක්වීමට නියමිතයි.
තරගාවලියට නම් කර ඇති විනිසුරුවන් සංඛ්‍යාව 12 ක්. ප්‍රවීන ජාත්‍යන්තර විනිසුරුවරුන් වන ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන හා පාකිස්තාන හිටපු විනිසුරුවරයෙකු වන අලීම් ඩාර් ද විනිසුරු කමිටුවට ඇතුළත්. බංග්ලාදේශයේ Gazi Sohel ද විනිසුරුවරයෙකු ලෙස මෙවර එල්.පී.එල් තරගාවලියට එක් වන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
Match Referees
- Ranjan Madugalle – ICC Elite Panel Match Referee
- Graeme La Brooy – ICC Match Referee
- Wendall La Brooy – ICC Match Referee
- Manoj Mendis – Domestic Panel Referee
Umpire Panel
- Kumar Dharmasena – ICC Elite Umpire
- Aleem Dar – ICC International panel
- Gazi Sohel – ICC International Panel
- Ruchira Palliyaguruge-ICC International Panel
- Raveendra Wimalasiri-ICC International Panel
- Lyndon Hannibal -ICC International Panel
- Prageeth Rambukwella-ICC International Panel
- Chamara De Soyza – Level 1 Umpire
- Ravindra Kottahachchi -Level 1 Umpire
- Chandrika Amarasinghe -Level 1 Umpire
- Ranmore Martinesz -Level 1 Umpire
- Gamini Dissanayake -Level 1 Umpire