LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹේ

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු අද(14) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
කාන්ඩ කිහිපයක් යටතේ විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
එනම්, ‘International Ruby,’ ‘International Sapphire,’ ‘International Diamond ‘A,’ හා ‘B,’ සහ International Platinum වැනි කාණ්ඩ යටතේයි.
Ruby හා Sapphire කාණ්ඩ යටතේ ලියාපදිංචි වීමට අපේක්ෂා කරන විදෙස් ක්‍රීඩකයින් ඔවුන්ගේ රටේ ක්‍රිකට් ආයතනය යටතේ ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයින් හෝ සිය රට නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින් විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
එමෙන්ම ඔවුන් ගෝලීය වශයෙන් පිළිගත් ක්‍රිකට් ක්‍රීඩකයන් විය යුතු බව ද සදහන්.
LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට (Draft) ලියාපදිංචි වන සෙසු විදෙස් ක්‍රීඩකයින් අනිවාර්යයෙන්ම මේ වන විට ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන ක්‍රීඩකයින් හෝ 20යි 20 ප්‍රධාන ලීග් තරගාවලි ක්‍රීඩා කරන ක්‍රීඩකයින් විය යුතුයි.
විදෙස් ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ලියාපදිංචි විය හැකියි.
ජූනි 23 වනදා දක්වා ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වන බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර ලබන ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී හා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
මෙවර තරගාවලිය සදහා ද කණ්ඩායම් 5ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. තරගාවලිය සදහා තරග 24ක් ඇතුළත්.