LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීමට දින නියම වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ලබන 5 වැනිදා සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
එම ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාව සදහා විදෙස් ක්‍රීඩකයින් 300 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 300 දෙනෙකු ඉදිරිපත් වන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
මාර්ගගත ක්‍රමවේද ඔස්සේ එය පැවැත්වෙන බවත්, එම අවස්ථාවට කණ්ඩායම් පහේ හිමිකරුවන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් එක් වනු ඇති.
ක්‍රීඩක තෝරා ගැනීම වට 20කින් යුක්ත වන අතර, කාණ්ඩ කිහිපයක් යටතේ ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කළ යුතුයි.
Local Icon Player, Overseas Icon Player, Local Diamond Player, Overseas Diamond Player, Local Gold Player, Overseas Gold Player, Local Classic Player, Overseas Classic Player වැනි කාණ්ඩ ද ඊට අයත් අතර, Local Emerging හා Supplementary Local යනුවෙන් ද කාණ්ඩ දෙකක් මෙරට නවක ක්‍රීඩකයින් වෙනුවෙන් වෙන් කර තිබෙනවා.
සංචිතයක් සදහා ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් වන අතර, ඊට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු ද ඇතුළත් විය යුතුයි.
අවශ්‍යනම් පසුගිය වසරේ අදාළ කණ්ඩායම්වලට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 8 දෙනෙකු (දේශීය 4ක් හා විදේශීය 4ක්) ද සිය සංචිතයේ රදවා ගැනීමට අවසර ලබා දී තිබෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.