Ultimate magazine theme for WordPress.

LPL ක්‍රිකට් සැණකෙළිය හෙට ඇරඹේ ; කාලසටහන, සංචිත හා විකාශන තොරතුරු සියල්ල මෙන්න

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් සිව්වැනි එල්.පී.එල් තරගාවලිය හෙට (ජූලි 30) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

හෙට සිට අගෝස්තු 20 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ සමාරම්භක තරගය මෙතෙක් පැවැති තරගාවලි ත්‍රිත්වයේම ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. එම තරගය හෙට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 7.30 ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

මූලික වටයේ තරග 20 න් තරග 12 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද, තරග 8 ක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.

අවසන් මහා තරගය ඇතුළු අවසන් වටයේ සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මූලික වටයේ දී එක් දිනකදී තරග දෙක බැගින් පැවැත්වෙන දින 8 ක් මෙවර තරග කාලසටහනට ඇතුළත්. මූලික වටයේ අවසන් තරගය අගෝස්තු 15 වැනිදා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හා ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

අවසන් වටයේ තරග අගෝස්තු 17 වැනිදා සිට ආරම්භ වනවා. ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමි කර ගත් කණ්ඩායම් දෙක එදින පස්වරු 3.00 ට Qualifier 1 තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගය එදින රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි හා සිව්වැනි ස්ථාන දිනා ගත් කණ්ඩායම් දෙක අතරයි.

අගෝස්තු 19 වැනිදා අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගය පැවැත්වීමට නියමිතයි. ඒ, Qualifier 1 තරගයෙන් පරාජයට පත් වූ කණ්ඩායම හා Eliminator තරගයෙන් ජය ගත් කණ්ඩායම අතරයි.

Qualifier 1 තරගය ජය ගත් කණ්ඩායම හා Qualifier 2 තරගය ජය ගත් කණ්ඩායම අතර අවසන් මහා තරගය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර, 21 වැනිදා අතිරේක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. (මූලික වටයේ සම්පූර්ණ තරග කාලසටහන පහතින්)

සජීවී විකාශය

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය Star Sports මාධ්‍ය ජාලය විසින් හිමි කර ගෙන තිබෙනවා.

ඒ අනුව Star Sports මාධ්‍ය ජාලය විසින් තරගාවලිය ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මාලදිවයින හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු මැද පෙරදිග සහ උතුරු අප්‍රිකා රටවල්වල සජීවීව විකාශය කිරීමට නියමිතයි.

Star sports 2 (නාලිකා අංක 69 – Dialog TV) (නාලිකා අංක 40 – PEOTV) නාලිකාව ඔස්සේ මෙරට ප්‍රේක්ෂකයින්ට තරගාවලිය නැරඹිය හැකියි.

තරගාවලියේ මෙරට නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගෙන ඇත්තේ SBC නාලිකාවයි. සතියේ දිනවලදී පස්වරු 3ට පැවැත්වෙන තරග පමණක් හා සති අන්තයේ පැවැත්වෙන සියලු තරග ස්වර්ණවාහිණිය ඔස්සේ ද සජීවීව විකාශය කෙරෙනු ඇති. එමෙන්ම එල්.පී.එල් තරගාවලියේ අවසන් වටයේ සියලු තරග ද ස්වර්ණවාහිණිය ඔස්සේ නැරඹිය හැකියි.

තරගාවලියේ නිල ගුවන් විදුලි විකාශන අයිතිය හිමිව ඇත්තේ තමිල් FM නාලිකාවටයි.(FM 99.5, FM 99.7)

සංචිත 5 හා කාලසටහන පහතින් –

                                                                                                                  © SLC

සංචිත

Colombo Strikers

Babar Azam ✈️, Naseem Shah✈️, Matheesha Pathirana, Chamika Karunaratne, Pathum Nissanka, Niroshan Dickwella (C), Shoriful Islam ✈️, Lakshan Sandakan, Nipun Dananjaya, Movin Subasinghe, Lahiru Udara, Eshan Malinga, Shashika Dulshan, Nuwanidu Fernando, Iftikhar Ahmed ✈️, Imam Ul Huq ✈️, Jeffrey Vandersay, Angelo Perera, Dhananjaya Lakshan, Kavishka Anjula, Ramesh Mendis, Mohammad Nawaz ✈️, Ahan Wickramasinghe, Yashodha Lanka

Dambulla Aura

Ben McDermot ✈, Hassan Ali ✈️, Kusal Mendis (C) , Avishka Fernando, Dhananjaya de Silva, Kusal Janith Perera, Hayden Kerr ✈️, Sadeera Samarawickrama, Binura Fernando, Noor Ahmad ✈️, Sachitha Jayatilake, Janith Liyanage, Dushan Hemantha, Pramod Madushan, Shahnawaz Dahani ✈️, Lakshan Edirisinghe, Jehan Daniel, Wanuja Sahan, Kavindu Pathirathne, Ravindu Fernando, Alex Ross ✈️, Treveen Mathews, Manelker de Silva, Praveen Jayawickrama

Galle Titans

Shakib Al Hasan ✈️, Tabraiz Shamsi ✈️, Dasun Shanaka (C), Bhanuka Rajapaksa, Seekkuge Prasanna, Milan Ratnayake, Lasith Croospulle, Sohan de Livera, Ashan Priyanjan, Richard Nagarva ✈️, Mohammad Mithun ✈️, Minod Bhanuka, Pasindu Sooriyabandara, Shevon Daniel, Mohamed Shiraz, Lahiru Samarakoon, Kasun Rajitha, Akila Dananjaya, Chad Bowes ✈️, Tim Seifert ✈️, Sonal Dinusha, Avishka Perera, Anuk Fernando, Vishwa Fernando

Jaffna Kings

David Miller ✈️, Rahmanullah Gurbaz ✈️, Thisara Perera (C), Maheesh Theekshana, Charith Asalanka, Dunith Wellalage, Towhid Hridoy ✈️, Pathum Kumara, Vijayakanth Viyaskanth, Theesan Vithusan, Asanka Manoj, Nishan Madushka, Asitha Fernando, Hardus Viljoen ✈️, Nuwan Thushara, Dilshan Madushanka, Nandre Burger ✈️, Ashan Randika, Ratnarajah Thenurathan, Chris Lynn ✈️, Asela Gunaratne, Priyamal Perera, Raveen De Silva

B-Love Kandy

Mujeeb Ur Rahman ✈️, Fakhar Zaman ✈️, Wanindu Hasaranga (C), Angelo Mathews, Isuru Udana, Dinesh Chandimal, Mohammad Hasnain ✈️, Dushmantha Chameera, Sahan Arachchige, Ashen Bandara, Mohammad Haris ✈️, Navod Paranavithana, Sarfaraz Ahmed ✈️, Kamindu Mendis, Nuwan Pradeep, Chathuranga de Silva, Lahiru Madushanka, Aamer Jamal ✈️, Malsha Tharupathi, Thanuka Dabare, Lasith Abeyratne, Avishka Tharindu

[event_blocks 49361]

[team_standings 49368]