LLC Masters තරගාවලියේ Asia Lions සංචිතයට ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙක්
මෙවර ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ (Legends League Cricket) එනම් LLC Masters තරගාවලියේ දෙවැනි අදියර සදහා ක්‍රීඩා කරන Asia Lions සංචිතය නිවේදනය කර තිබෙනවා.
මෙම සංචිතය සදහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් 5 දෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.
ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය මාර්තු 10 වැනිදා සිට 20 වැනිදා දක්වා කටාර් හි දෝහා නුවර Asian Town ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය සදහා India Maharajas, Asia Lions හා World Giants යන කණ්ඩායම තුන තරග වැදීමට නියමිතව තිබෙනවා.
Asia Lions සංචිතය සදහා ඇතුළත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, තිසර පෙරේරා, දිල්හාර ප්‍රනාන්දු හා ඉසුරු උදානයි.
තරගාවලිය ස්ටාර් ස්පෝට්ර්ස් රූපවාහිනී මාධ්‍ය ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි.
The lions have assembled! 🦁
Watch them battle it out in the upcoming season of #LLCMasters from March 10th – 20th 2023 only on @starsportsindia!#LegendsLeagueCricket #LLCT20 #AsiaLions pic.twitter.com/G6RZ8ZPAmC
— Legends League Cricket (@llct20) February 24, 2023