Lizelle Lee ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකාරිණියක වන Lizelle Lee ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.
එළඹෙන 11 වැනිදා එංගලන්තයට එරෙහිව තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමකයි ඇය සිය තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ.
30 හැවිරිදි Lizelle Lee පසුගිය වසරේ දී අයි.සී.සී වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවා.
ජාත්‍යන්තර පිටියෙන් සමු ගත්ත ද තමා තවදුරටත් ජාත්‍යන්තර 20යි 20 ලීග් තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට සූදානම් බවයි ඇය සදහන් කර ඇත්තේ.
Lizelle Lee 2013 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර, ටෙස්ට් තරග දෙකකදී, එක්දින තරග 100 කදී හා 20යි 20 තරග 82 කදී ඇය දකුණු අප්‍රිකාව නියෝජනය කළා.