Lanka T10 Super League : හම්බන්තොට හා යාපනය අවසන් මහා තරගයට

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන Lanka T10 Super League ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Jaffna Titans හා Hambantota Bangla Tigers යන කණ්ඩායම් සමත් වුණා.
Qualifier 1 තරගයෙන් Hambantota Bangla Tigers කණ්ඩායම පරදා ලකුණු 39 ක ජයක් ලබමින් Jaffna Titans පිල අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් කර ගත්තා.
අනතුරුව Kandy Bolts හා Galle Marvels කණ්ඩායම් අතර පැවැති Eliminator තරගයෙන් Marvels කණ්ඩායම කඩුලු හයක ජයක් හිමි කර ගනිමින් Qualifier 2 තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
ඒ අනුව Qualifier 2 තරගයේ දී Marvels හා Bangla Tigers කණ්ඩායම් තරග වැදුණු අතර, එම තරගයෙන් Bangla Tigers කණ්ඩායම කඩුලු 4ක ජයක් හිමි කර ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.
තරගාවලියේ අවසන් මහා තරගය හෙට (19) පස්වරු 5:30 ට පැවැත්වීමට නියමිතයි.