Lanka T10 Super League : ක්රීඩක කෙටුම්පත් කිරීම 10 වැනිදා – ක්රීඩකයින්ගේ වටිනාකමත් එළියට
ශ්රී ලංකා ක්රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන Lanka T10 Super League ක්රිකට් තරගාවලියේ ක්රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) හෙවත් ක්රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වැනිදා කොළඹ දී සිදු කරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා.
දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා කණ්ඩායම් හයකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සදහා දෙස් විදෙස් සුපිරි තරු රැසක් එක් වනු ඇති.
සෑම කණ්ඩායමකටම සිය සංචිතය සදහා උපරිම වශයෙන් ක්රීඩකයින් 17 දෙනෙකු හා අවම වශයෙන් ක්රීඩකයින් 15 දෙනෙකු තෝරා ගත හැකියි.
තරගාවලිය වෙනුවෙන් ක්රීඩකයින්ට නොවැම්බර් පළමු වැනිදා දක්වා ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා. නොවැම්බර් 5 වැනිදා වන විට සියලු කණ්ඩායම් විසින් ක්රීඩකයින් හය දෙනෙකු සමග සෘජුව ගිවිසුම්ගත වීම ද සිදු විය යුතු බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කළේ.
එම ගිවිසුම්ගත වීම පහත සදහන් අයුරින් කාණ්ඩ හය යටතේ සිදු විය යුතුයි –
- One Icon player,
- One Platinum player,
- One Category A player from Sri Lanka, and one from overseas,
- One Category B player from Sri Lanka, and one from overseas.
ක්රීඩක කෙටුම්පත් කිරීමට වට 11 ක් ඇතුළත්. පළමු වට දෙකේදී එක් ශ්රී ලංකා ක්රීඩකයෙකු හා විදෙස් ක්රීඩකයෙකු ‘A’ කාණ්ඩය යටතේ මිලදී ගැනීමට කණ්ඩායම්වලට අවස්ථාව උදා වනවා. එහිදී එක් ක්රීඩකයෙකුට හිමිවන වටිනාකම US$ 35,000 ක්. (ශ්රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 102 ක් පමණ)
තෙවැනි හා සිව්වැනි වටවලදී ද ඒ ආකාරයෙන්ම දේශීය හා විදේශීය ක්රීඩකයෙකු ‘B’ කාණ්ඩය යටතේ තෝරා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන්ට සිදු වනවා. එක් ක්රීඩකයෙකුගේ වටිනාමක US$ 20,000 ක්. (ශ්රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 58 ක් පමණ)
5, 6 හා 7 යන වටවලදී දේශීය ක්රීඩකයින් දෙදෙනෙකු හා එක් විදෙස් ක්රීඩකයෙකු තෝරා ගැනීමේ අවස්ථාව හිමි වනවා. ඒ, C කාණ්ඩය යටතේයි. එම වටවලදී මිලදී ගන්නා ක්රීඩකයෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂ 29 ක්.(US$ 10,000)
8 වැනි වටය ඉලක්ක කර ඇත්තේ නැගී එන ශ්රී ලංකා ක්රීඩකයෙකු තෝරා ගැනීමටයි.(US$ 2,500 – රුපියල් ලක්ෂ 7 ක පමණ වටිනාකමක් යටතේ)
9 වැනි වටයේ දී ඩොල්ර 2,500 ක වටිනාකමක් යටතේම සිම්බාබ්වේ හෝ බටහිර ඉන්දීය කොදෙව් නැගී එන ක්රීඩකයෙකු තෝරා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන්ට සිදු වනවා.