Lanka T10 Super League : කෙටුම්පත් කිරීමෙන් පසු සකස් වූ කණ්ඩායම් හයේ සංචිත මෙන්න
Lanka T10 Super League ක්රිකට් තරගාවලියේ ක්රීඩකයින් කෙටුම්පත් කිරීමේ කටයුතු (Draft) හෙවත් ක්රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු අද(10) පස්වරුවේ කොළඹ දී සිදු කෙරුණා.
තරගාවලිය සදහා Jaffna Titans, Kandy Bolts, Hambantota Bangla Tigers, Colombo Jaguars, Nuwara Eliya Kings හා Galle Marvels යන කණ්ඩායම් හය තරග වදින බවයි තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ.
කෙසේ වෙතත්, මීට පෙර නිවේදනය කර තිබූ පරිදි Colombo Strikers හා Negombo Braves කණ්ඩායම් මෙම තරගාවලියට එක්වන්නේ නැහැ. ඒ වෙනුවටයි Colombo Jaguars හා Nuwara Eliya Kings යන කණ්ඩායම් තරගාවලියට එක්වන්නේ.
ක්රීඩක කෙටුම්පත් කිරීමට පෙර සියලු කණ්ඩායම් වෙත ක්රීඩකයින් හය දෙනෙකු සමග සෘජුව ගිවිසුම්ගත වීමට අවස්ථාව ලබා දී තිබූ අතර, කෙටුම්පත් කිරීම අවසන් වන විට සමස්ථයක් ලෙස සෑම කණ්ඩායමකටම සිය සංචිතය සදහා අවම වශයෙන් ක්රීඩකයින් 15 දෙනෙකු තෝරා ගැනීමට අවස්ථාව ලබා දී තිබුණා.
කෙටුම්පත් කිරීම අවසන් වන විට Jaffna Titans පිල ක්රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සකස් කර ගත්තා. Hambantota Bangla Tigers හා Colombo Jaguars යන කණ්ඩායම්වල සංචිතයකට ඇතුළත් ක්රීඩකයින් ගණන 18 ක්. Kandy Bolts සංචිතයට හා Galle Marvels සංචිතයට ක්රීඩකයින් 16 දෙනා බැගින් මිලදී ගෙන තිබෙනවා. Nuwara Eliya Kings සංචිතයට ඇතුළත් ක්රීඩකයින් ගණන 17 ක්.
තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පල්ලේකැලේ ක්රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
සෘජුව ගිවිසුම්ගත වූ හා කෙටුම්පත් කිරීමේ දී තෝරා ගත් ක්රීඩකයින් –
Colombo Jaguars:
Direct signing:
Angelo Mathews (Icon), Azam Khan (Platinum), Matheesha Pathirana (Cat A Local), Asif Ali (Cat A Overseas), Akila Dhananjaya (Cat B Local), Najibullah Zadran (Cat B Overseas)
From the draft:
Kamindu Mendis (Cat A Local), Tymal Mills (Cat A Overseas), Angelo Perera (Cat B Local), Ali Khan (Cat B Overseas), Isitha Wijesundara (Cat C Local 1), Ramesh Mendis (Cat C Local 2), Aamer Jamal (Cat C Overseas), Ranuda Somarathne (Emerging Local), Jewel Andrew (Emerging Overseas), Asitha Fernando (Optional 1), Dilshan Madushanka (Optional 2), Garuka Sanketh (Optional 3)
Galle Marvels:
Direct signing:
Maheesh Theekshana (Icon), Shakib Al Hasan (Platinum), Bhanuka Rajapaksa (Cat A Local), Alex Hales (Cat A Overseas), Chamindu Wickramasinghe (Cat B Local), Andre Fletcher (Cat B Overseas)
From the draft:
Binura Fernando (Cat A Local), Luke Wood (Cat A Overseas), Jeffrey Vandersay (Cat B Local), Zahoor Khan (Cat B Overseas), Sandun Weerakkody(Cat C Local 1), Prabath Jayasuria (Cat C Local 2), Kesrick Williams (Cat C Overseas), Dumindu Sewmina (Emerging Local), Tadiwanashe Marumani (Emerging Overseas), Sadisha Rajapaksa (Optional 3)
Hambantota Bangla Tigers:
Direct signing:
Dasun Shanaka (Icon), Iftikhar Ahmed (Platinum), Kusal Perera (Cat A Local), Hazratullah Zazai (Cat A Overseas), Isuru Udana(Cat B Local), Karim Janat (Cat B Overseas)
From the draft:
Dushmantha Chameera (Cat A Local), Richard Gleeson (Cat A Overseas), Tharindu Ratnayake (Cat B Local), Mohammad Shahzad (Cat B Overseas), Dhananjaya Lakshan (Cat C Local 1), Nishan Peiris (Cat C Local 2), Soumya Sarkar (Cat C Overseas), Shevon Daniel (Emerging Local), Brian Bennett (Emerging Overseas), Sahan Arachchige (Optional 1), Vijayakanth Viyaskanth (Optional 2), Chamath Gomez (Optional 3)
Jaffna Titans:
Direct signing:
Wanindu Hasaranga (Icon), Tom Kohler-Cadmore (Platinum), Kusal Mendis (Cat A Local), Johnson Charles (Cat A Overseas), Nuwan Thushara (Cat B Local), Dwaine Pretorius (Cat B Overseas),
From the draft:
Charith Asalanka (Cat A Local), Mohammad Amir (Cat A Overseas), Dunith Wellalage (Cat B Local), David Wiese (Cat B Overseas), Pramod Madushan (Cat C Local 1), Pavan Rathnayake (Cat C Local 2), George Garton (Cat C Overseas), Traveen Mathew (Emerging Local), Kevin Wickham (Emerging Overseas)
Kandy Bolts:
Direct signing:
Thisara Perera (Icon), Imad Wasim (Platinum), Dinesh Chandimal (Cat A Local), George Munsey (Cat A Overseas), Milinda Siriwardana (Cat B Local), Amir Hamza Hotak (Cat B Overseas),
From the draft:
Pathum Nissanka (Cat A Local), Saim Ayub (Cat A Overseas), Chaturanga de Silva (Cat B Local), Shahnawaz Dahani (Cat B Overseas), Shehan Jayasuria (Cat C Local 1), Chamika Gunasekara (Cat C Local 2), Chandrapaul Hemraj (Cat C Overseas), Danal Hemananda (Emerging Local), Arinesto Vezha (Emerging Overseas), Seekkuge Prasanna (Optional 1)
Nuwara Eliya Kings:
Direct signing:
Avishka Fernando (Icon), Saurabh Tiwary (Platinum), Kasun Rajitha (Cat A Local), Kyle Mayers (Cat A Overseas), Danushka Gunathilaka (Cat B Local), Oshane Thomas (Cat B Overseas),
From the draft:
Dushan Hemantha (Cat A Local), Benny Howell (Cat A Overseas), Lahiru Madushanka (Cat B Local), Aftab Alam (Cat B Overseas), Nimsara Atharagalla (Cat Local 1), Yashoda Lanka (Cat C Local 2), Zubaid Akbari (Cat C Overseas), Vishen Halambage (Emerging Local), Rivaldo Clarke (Emerging Overseas), Chamika Karunaratne (Optional 1), Pulindu Perera (Optional 3)