Lanka T10 දෙසැම්බර් මාසයට කල් යයි
‘Lanka T10’ (ලංකා ටී ටෙන්) ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
මීට පෙර එම තරගාවලිය පසුගිය ජූනි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත්, දේශීය හා ජාත්‍යන්තර තරග කාලසටහන සලකා බලා තරගාවලිය පැවැත්වීමට සුදුසු මාසය ලෙස දෙසැම්බර් මාසය තෝරා ගත් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 23 දක්වා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
තරගාවලිය පිරිමි හා කාන්තා යන දෙඅංශයෙන්ම පැවැත්වීමටයි ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ.
තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන්නේ TTen Sports Management හා TTen Global Sports මෙන්ම Innovative Production Group FZE (IPG)) යන සමාගම් සමග එක්වයි.
තරගාවලිය සදහා පිරිමි කණ්ඩායම් 6 ක් හා කාන්තා කණ්ඩායම් 4 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
එක් කණ්ඩායමක සංචිතයක් සදහා දේශීය ක්‍රීඩකයින්/ක්‍රීඩිකාවන් 10 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින්/ක්‍රීඩිකාවන් 6 දෙනෙකු නම් කළ හැකියි.