Lanka T10 තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 6 හා නිල ලාංඡනය මෙන්න
‘Lanka T10’ (ලංකා ටී ටෙන්) නමින් පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලියක් ලබන ජූනි මාසයේ දී ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන බව පසුගියදා නිවේදනය කෙරුණා.
ඒ අනුව අප මීට පෙර ද වාර්තා කළ පරිදි තරගාවලිය පිරිමි හා කාන්තා යන දෙඅංශයෙන්ම පැවැත්වීමටයි ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ.
තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන්නේ ‘T Ten Sports Management FZC’ යන සමාගම සමග ද එක්වයි.
Abu Dhabi T10 ලීග් තරගාවලිය සංවිධාන කරනු ලබන්නේ ද එම සමාගමයි.
තරගාවලිය සදහා පිරිමි කණ්ඩායම් 6 ක් හා කාන්තා කණ්ඩායම් 4 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
පිරිමි කණ්ඩායම් 6 කොළඹ, ත්‍රීකුණාමලය, ගාල්ල, මහනුවර, දඹුල්ල හා යාපනය යන නගර කේන්ද්‍ර කර ගනිමින් නම් කිරීමට නියමිතව ඇති බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.
දින 12 ක් පුරා පැවැත්වෙන තරගාවලියේ එක් කණ්ඩායමක සංචිතයක් සදහා දේශීය ක්‍රීඩකයින් 10 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් කළ හැකියි.
නිල ලාංඡනය එළිදැක් වූ අවස්ථාව පහතින් නරඹන්න –