KKR සංචිතයට වෙනසක්

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් වමත් වේග පන්දු යවන ක්‍රීඩක චේතන් සකාරියා සමග ගිවිසුම්ගත වී තිබෙනවා.
ඒ, ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක උම්රාන් මලික් වෙනුවටයි.
මලික් 2024 තරගාවලියේදී සන්රයිසස් හයිදරාබාද් නියෝජනය කරමින් එක් තරගයක් ක්‍රීඩා කළ අතර, ඉන් අනතුරුව මේ දක්වා කිසිදු වෘත්තීය ක්‍රිකට් තරගයක් ඔහු ක්‍රීඩා කර නැහැ.
සකාරියා ද ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටි අතර. ඔහු අවසන් වරට වෘත්තීය ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2024 වසරේ පෙබරවාරි මාසයේදීයි.