IPL Auction Update : මෙතෙක් වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්
2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට කෝචි හී දී පැවැත්වෙනවා.
එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ද මේ වන විට වෙන්දේසිය සදහා ඉදිරිපත් කර තිබෙනවා.
පළමුව කුසල් මෙන්ඩිස් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණු අතර, ඔහුව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.
වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක.
ඔහුව මිලදී ගැනීමට ද කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.
අනතුරුව වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණු නමුත්, ඔහුද අලෙවි වූයේ නැහැ.
ඔහු පසුගිය අයි පී එල් තරග වාරයේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කළා.
ඔවුන් තිදෙනාම ක්‍රීඩක වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබුණේ ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික වටිනාකමක් යටතේයි.
පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ලහිරු කුමාර, ඩිල්ෂාන් මදුෂංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින් මෙතෙක් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණේ නැහැ.