Ultimate magazine theme for WordPress.

IPL Auction : මෙතෙක් අලෙවි වූ හා අලෙවි නොවූ ක්‍රීඩක ලැයිස්තුව මෙන්න

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට බැංගලූරුහී දී පැවැත්වෙනවා.

දින දෙකක් පුරා මෙවර පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 600 දෙනෙකු ඉදිරිපත් කර ඇති අතර, ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 23 දෙනෙකු ද ඇතුළත්.

අද ආරම්භ වූ ක්‍රීඩක වෙන්දේසියේ පළමු පැය කිහිපය තුළ දී ම ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම කැපී පෙනුණා.

වෙන්දේසියේ දී මෙතෙක් අලෙවි වූ හා අලෙවි නොවූ ක්‍රීඩක ලැයිස්තුව –

  1. නිකලස් පූරාන් : සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 10.75කට මිලදී ගනියි
  2. දිනේෂ් කාර්තික් : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 5.5කට මිලදී ගනියි
  3. ජොනී බෙයාර්ස්ටව්: පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 6.75කට මිලදී ගනියි
  4. ඉෂාන් කිෂන් : මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 15.25කට මිලදී ගනියි
  5. අම්බටි රයිදු : චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 6.75කට මිලදී ගනියි
  6. මිචෙල් මාෂ් : දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 6.50කට මිලදී ගනියි
  7. කෘනාල් පාන්ඩ්යා : ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 8.25කට මිලදී ගනියි
  8. වොෂින්ටන් සුන්දර් : සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 8.75කට මිලදී ගනියි
  9. වනිදු හසරංග : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 10.75කට මිලදී ගනියි
  10. දීපක් හූදා : ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගනියි – ඉන්දීය රුපියල් කෝටි 5.75
  11. මනීෂ් පාන්ඩේ : ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගනියි – ඉන්දීය රුපියල් කෝටි 4.6
  12. ශිම්රන් හෙට්මයර් : රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගනියි – ඉන්දීය රුපියල් කෝටි 8.5
  13. රොබින් උතාපා : චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනියි – ඉන්දීය රුපියල් කෝටි 2
  14. ජේසන් රෝයි : ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් මිලදී ගනියි – ඉන්දීය රුපියල් කෝටි 2
  15. දෙව්දත් පඩික්කල් : රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගනියි – ඉන්දීය රුපියල් කෝටි 7.75
  16. ඩ්වේයන් බ්‍රාවෝ : චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනියි – ඉන්දීය රුපියල් කෝටි 4.4
  17. නිටිෂ් රානා: කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගනියි – ඉන්දීය රුපියල් කෝටි 8
  18. ජේසන් හෝල්ඩර් : ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගනියි – ඉන්දීය රුපියල් කෝටි 8.75
  19. හර්ෂාල් පටෙල් : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගනියි – ඉන්දීය රුපියල් කෝටි 10.75
  20. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඩේවිඩ් වෝනර් ඉන්දීය රුපියල් කෝටි 6.25ක මුදලකට මිලදී ගනියි
  21. ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ක්වෙන්ටන් ඩී කොක් ඉන්දීය රුපියල් කෝටි 6.75ක මුදලකට මිලදී ගනියි
  22. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ෆෆ් ඩු ප්ලෙසිස් ඉන්දීය රුපියල් කෝටි 7ක මුදලකට මිලදී ගනියි
  23. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් මොහොමඩ් ෂාමි ඉන්දීය රුපියල් කෝටි 6.25ක මුදලකට මිලදී ගනියි
  24. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ෂ්රෙයස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 12.25ක මුදලකට මිලදී ගනියි
  25. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ට්‍රෙන්ට් බෝල්ට් ඉන්දීය රුපියල් කෝටි 8ක මුදලකට මිලදී ගනියි
  26. පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් කාගිසෝ රබාඩා ඉන්දීය රුපියල් කෝටි 9.25ක මුදලකට මිලදී ගනියි
  27. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 7.25 ක මිලකට මිලදී ගනියි
  28. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ආර්.අශ්වින් ඉන්දීය රුපියල් කෝටි 5 ක මිලකට මිලදී ගනියි
  29. පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ශිකර් ධවාන් ඉන්දීය රුපියල් කෝටි 8.25 මිලකට මිලදී ගනියි

අලෙවි නොවූ ක්‍රීඩකයින් –

  1. ඩේවිඩ් මිලර්
  2. සුරේෂ් රයිනා
  3. ස්ටීව් ස්මිත්
  4. ශකිබ් අල් හසාන්
  5. මොහොමඩ් නබී
  6. මැතිව් වේඩ්
  7. ව්රිධිමන් සහා
  8. සෑම් බිලින්ග්ස්