Ultimate magazine theme for WordPress.

IPL Auction : පළමු පැයේ දී අලෙවි වූ ක්‍රීඩක ලැයිස්තුව මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(12) බැංගලූරුහී දී ආරම්භ වුණා.

මෙවර වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 600 දෙනෙකු ඉදිරිපත් කර ඇති අතර, ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 23 දෙනෙකු ද ඇතුළත්.

මෙවර වෙන්දේසියේ දී පළමු වරට අලෙවි වුණේ ඉන්දීය ආරම්භක පිතිකරුවෙකු වන ශිකර් ධවාන්.

පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ශිකර් ධවාන් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 8.25 මුදලකටයි.

පළමු පැය තුළ අලෙවි වූ ක්‍රීඩක ලැයිස්තුව –

  • දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඩේවිඩ් වෝනර් ඉන්දීය රුපියල් කෝටි 6.25ක මුදලකට මිලදී ගනියි
  • ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ක්වෙන්ටන් ඩී කොක් ඉන්දීය රුපියල් කෝටි 6.75ක මුදලකට මිලදී ගනියි
  • රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ෆෆ් ඩු ප්ලෙසිස් ඉන්දීය රුපියල් කෝටි 7ක මුදලකට මිලදී ගනියි
  • ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් මොහොමඩ් ෂාමි ඉන්දීය රුපියල් කෝටි 6.25ක මුදලකට මිලදී ගනියි
  • කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ෂ්රෙයස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 12.25ක මුදලකට මිලදී ගනියි
  • රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ට්‍රෙන්ට් බෝල්ට් ඉන්දීය රුපියල් කෝටි 8ක මුදලකට මිලදී ගනියි
  • පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් කාගිසෝ රබාඩා ඉන්දීය රුපියල් කෝටි 9.25ක මුදලකට මිලදී ගනියි
  • කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 7.25 ක මිලකට මිලදී ගනියි
  • රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ආර්.අශ්වින් ඉන්දීය රුපියල් කෝටි 5 ක මිලකට මිලදී ගනියි
  • පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ශිකර් ධවාන් ඉන්දීය රුපියල් කෝටි 8.25 මිලකට මිලදී ගනියි