Ultimate magazine theme for WordPress.

IPL 2022 : අවසන් වටයේ (Playoffs) සම්පූර්ණ තරග කාලසටහන මෙන්න

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට (Playoffs) මේ වන විට කණ්ඩායම් හතරම සුදුසුකම් ලබා අවසන්.

එනම් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගුජරාට් ටයිටන්ස්, දෙවැනි ස්ථානයේ පසුවන රාජස්ථාන් රෝයල්ස්, තෙවැනි ස්ථානයේ පසුවන ලක්නව් සුපර් ජයන්ට්ස් හා සිව්වැනි ස්ථානයේ පසුවන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම්.

ගුජරාට් කණ්ඩායම තමන් ක්‍රීඩා කළ තරග 14න් තරග 10ක් ජය ගත් අතර, රාජස්ථාන් කණ්ඩායම තරග 14න් ජය ගත් තරග ගණන 9ක්.

ලක්නව් කණ්ඩායම ද තරග 9ක් ජය ගත්තා. බැංගලෝර් කණ්ඩායම ජය ගත්තේ තරග 8ක් පමණයි.

ඒ අනුව අවසන් වටය යටතේ පැවැත්වෙන පළමු තරගයට (QUALIFIER 1) තරග වදින්නේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකේ රැදී සිටින ගුජරාට් හා රාජස්ථාන් යන කණ්ඩායම්.

එම තරගය එළඹෙන 24 වැනිදා රාත්‍රී 7.30ට කොල්කටා හී දී ආරම්භවීමට නියමිතයි.

අවසන් වටයේ දෙවැනි තරගය (ELIMINATOR) පැවැත්වෙන්නේ දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන ලක්නව් සුපර් ජයන්ට්ස් හා වනිදු හසරංග ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් අතරයි.

එම තරගය එළඹෙන 25 වැනිදා රාත්‍රී 7.30ට කොල්කටා හි ඊ්ඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අවසන් වටයේ පළමු තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා අතර, පළමු තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම එළඹෙන 27 වැනිදා අහ්මදාබාද් හී දී පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගය (QUALIFIER 2) සදහා සුදුසුකම් ලබනවා.

අවසන් වටයේ තෙවැනි තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම වන්නේ අවසන් වටයේ දෙවැනි තරගය ජය ගන්නා කණ්ඩායමයි.

එම තෙවැනි තරගයෙන් ජයග්‍රහනය කරන කණ්ඩායම පළමු තරගයෙන් ජය ගත් කණ්ඩායමට එරෙහිව එළඹෙන 29 වැනිදා අහ්මදාබාද් හී දී රාත්‍රී 8ට ඇරඹෙන අවසන් මහා තරගයේ දී තරග වැදීමට නියමිතයි.

Leave a comment