Ultimate magazine theme for WordPress.

IPL 2022 : අවසන් වටයේ තරග කාලසටහන නිවේදනය කෙරේ

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (playoffs) තරග කොල්කටා හී දී සහ අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් ආයතනය අද(3) තහවුරු කළා.

ඒ අනුව මෙවර තරග වාරයේ අවසන් මහා තරගය ගුජරාට් ප්‍රාන්තයේ අහ්මදාබාද් නගරයේ නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී මැයි 29 වනදා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) සහ දෙවන තරගය (Eliminator) කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මැයි 24 වනදා සහ මැයි 25 වනදා එම තරග පැවැත්වෙන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළා.

අවසන් වටයේ තෙවන තරඟය (Qualifier 2) සහ අවසන් මහා තරගය මැයි 27 වනදා හා මැයි 29 වනදා අහ්මදාබාද් හී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

  • 24-May-22 : Qualifier 1 – Team 1 vs Team 2 – Kolkata
  • 25-May-22 : Eliminator – Team 3 vs Team 4 – Kolkata
  • 27-May-22 : Qualifier 2 – Winner of Eliminator vs Loser of Qualifier 1 – Ahmedabad
  • 29-May-22 : Final – Winner of Qualifier 1 vs Winner of Qualifier 2 – Ahmedabad