Ultimate magazine theme for WordPress.

IPL 2020 : M 13 – මුම්බායි අද යළි තරග පිටියට – Preview

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන තරගය අද පැවැත්වෙනවා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට අබුඩාබිහී දී ආරම්භ වනු ඇති.

ආබාධයකට ලක්ව සිටි මුම්බායි කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නේතන් කෝල්ට-නයිල්ගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් මෙතෙක් නිල තොරතුරු වාර්තා වන්නේ නැහැ.

ඔහු සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන්නේ නම් අද තරගයේ දී බොහෝ විට ජේම්ස් පැටින්සන් වෙනුවට නේතන් කෝල්ට-නයිල් මුම්බායි කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතින බව සදහන්.

ආබාධය නිසා නේතන් කෝල්ට-නයිල්ට මෙවර තරගාවලියේ දී මෙතෙක් කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයේ පසුවන්නේ ක්‍රීඩා කළ තරග තුනෙන් එක් තරගයක් ජය ගනිමින්.

මුම්බායි කණ්ඩායම ද සහභාගී වූ තරග තුනෙන් එක් තරගයක් ජය ගත් අතර, ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයේ රැදී සිටිනවා.

Leave a comment