Ultimate magazine theme for WordPress.

IPL හිමිකරුවන් කෝටි 483ක් වියදම් කර ක්‍රීඩකයින් 139ක් රදවා ගනියි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගන්නා සහ නිදහස් කරන ක්‍රීඩකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ, ඊයේ(20) දිනයේ දී ඒ සදහා ලබා දී තිබූ කාලය අවසන් වීමත් සමගයි.

ඒ අනුව විදෙස් ක්‍රීඩකයින් 42 දෙනෙකු ඇතුළුව ක්‍රීඩකයින් 139 දෙනෙකු කණ්ඩායම් 8 විසින් සිය සංචිතවල රදවා ගෙන තිබෙනවා.

ඒ අතරට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු ඇතුළත් වන්නේ නැහැ.

නිදහස් කර ඇති ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 57ක්.

සිය කණ්ඩායම් සකස් කර ගැනීම වෙනුවෙන් සෑම කණ්ඩායමකටම ඉන්දීය රුපියල් කෝටි 85ක මුදලක් මෙවර ද වැය කළ හැකි බවයි තරගාවලි සංවිධායකයින් සදහන් කළේ.

ඒ අනුව කණ්ඩායම් සකස් කර ගැනීම වෙනුවෙන් සියලු කණ්ඩායම් මේ වන විට වියදම් කර ඇති මුදල් ප්‍රමාණයේ එකතුව ඉන්දීය රුපියල් කෝටි 483.39ක් වන අතර, සියලු කණ්ඩායම් සතුව ඉතිරිව පවතින මුදල් ප්‍රමාණයේ එකතුව කෝටි 196.60ක්.

ඒ ඒ කණ්ඩායම් මුදල් වියදම් කර ඇති අයුරු සහ රදවා ගත් හා නිදහස් කළ ක්‍රීඩක ලැයිස්තුව පහතින් :

චෙන්නායි සුපර් කිංග්ස් –

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ක්‍රීඩකයන් 18 දෙනෙකු රදවා ගෙන ඇති අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු ද ඇතුළත්.

ඒ සදහා ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 62.10ක මුදලක් වැය කර ඇති අතර, කෝටි 22.90ක මුදලක් ඔවුන් සතුව ඉතිරිව පවතිනවා.

චෙන්නායි කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයෙකු ද ඇතුළුව ක්‍රීඩකයින් 7 දෙනෙකු ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගත හැකියි.

රදවා ගත් ක්‍රීඩකයින් :  MS Dhoni, Suresh Raina, Ambati Rayudu, KM Asif, Deepak Chahar, Dwayne Bravo, Faf du Plessis, Imran Tahir, N Jagadeesan, Karn Sharma, Lungi Ngidi, Mitchell Santner, Ravindra Jadeja, Ruturaj Gaikwad, Shardul Thakur, Sam Curran, Josh Hazlewood, R Sai Kishore

නිදහස් කළ ක්‍රීඩකයින් : Kedar Jadhav, Murali Vijay, Harbhajan Singh, Piyush Chawla, Monu Singh, Shane Watson

දිල්ලි කැපිටල්ස් –

කැපිටල්ස් කණ්ඩායම විසින් ක්‍රීඩකයන් 19 දෙනෙකු රදවා ගෙන ඇති අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ද ඇතුළත්.

ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 72.0982 ක මුදලක් වැය කර ඇති අතර, කෝටි 12.9018 ක මුදලක් ඔවුන් සතුව ඉතිරිව පවතිනවා.

දිල්ලි කණ්ඩායමට ඉදිරියේ දී විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළුව ලබා ගත හැකි සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 6ක්.

රදවා ගත් ක්‍රීඩකයින් : Shreyas Iyer, Ajinkya Rahane, Amit Mishra, Avesh Khan, Axar Patel, Harshal Patel, Ishant Sharma, Kagiso Rabada, Prithvi Shaw, R Ashwin, Rishabh Pant, Shikhar Dhawan, Shimron Hetmyer, Marcus Stoinis, Lalit Yadav, Anrich Nortje, Daniel Sams, Pravin Dubey, Chris Woakes

නිදහස් කළ ක්‍රීඩකයින් : Alex Carey, Keemo Paul, Tushar Deshpande, Sandeep Lamichhane, Mohit Sharma, Jason Roy

කිංග්ස් ඉලවන් පන්ජාබ් –

පන්ජාබ් කණ්ඩායම විසින් ක්‍රීඩකයන් 16 දෙනෙකු රදවා ගෙන ඇති අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 3 දෙනෙකු ද ඇතුළත්.

ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 31.80 ක මුදලක් වැය කර ඇති අතර, කෝටි 53.20 ක මුදලක් ඔවුන් සතුව ඉතිරිව පවතිනවා.

පන්ජාබ් කණ්ඩායමට ඉදිරියේ දී විදෙස් ක්‍රීඩකයින් 5 දෙනෙකු ද ඇතුළුව ලබා ගත හැකි සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 9ක්.

රදවා ගත් ක්‍රීඩකයින් : KL Rahul, Arshdeep Singh, Chris Gayle, Darshan Nalkande, Harpreet Brar, Mandeep Singh, Mayank Agarwal, Mohd. Shami, M Ashwin, Nicholas Pooran, Sarfaraz Khan, Deepak Hooda, Ishan Porel, Ravi Bishnoi, Chris Jordan, Prabhsimran Singh

නිදහස් කළ ක්‍රීඩකයින් : Glenn Maxwell, Sheldon Cottrell, Mujeeb Zadran, Hardus Viljoen, James Neesham, Krishnappa Gowtham, Karun Nair, Jagadeesha Suchith, Tejinder Singh Dhillon

කොල්කටා නයිට් රයිඩර්ස් –

කොල්කටා කණ්ඩායම විසින් ක්‍රීඩකයන් 17 දෙනෙකු රදවා ගෙන ඇති අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ද ඇතුළත්.

ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 74.25 ක මුදලක් වැය කර ඇති අතර, කෝටි 10.75 ක මුදලක් ඔවුන් සතුව ඉතිරිව පවතිනවා.

කොල්කටා කණ්ඩායමට ඉදිරියේ දී විදෙස් ක්‍රීඩකයින් 2 දෙනෙකු ද ඇතුළුව ලබා ගත හැකි සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 8ක්.

රදවා ගත් ක්‍රීඩකයින් : Eoin Morgan, Andre Russell, Dinesh Karthik, Kamlesh Nagarkoti, Kuldeep Yadav, Lockie Ferguson, Nitish Rana, Prasidh Krishna, Rinku Singh, Sandeep Warrier, Shivam Mavi, Shubman Gill, Sunil Narine, Pat Cummins, Rahul Tripathi, Varun Chakravarthy, Tim Seifert

නිදහස් කළ ක්‍රීඩකයින් : Chris Green, Harry Gurney, M Siddharth, Nikhil Naik, Siddhesh Lad, Tom Banton

මුම්බායි ඉන්දියන්ස් :

මුබ්බායි කණ්ඩායම විසින් ක්‍රීඩකයන් 18 දෙනෙකු රදවා ගෙන ඇති අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 4 දෙනෙකු ද ඇතුළත්.

ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 69.65 ක මුදලක් වැය කර ඇති අතර, කෝටි 15.35 ක මුදලක් ඔවුන් සතුව ඉතිරිව පවතිනවා.

මුම්බායි කණ්ඩායමට ඉදිරියේ දී විදෙස් ක්‍රීඩකයින් 4 දෙනෙකු ද ඇතුළුව ලබා ගත හැකි සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 7ක්.

රදවා ගත් ක්‍රීඩකයින් : Rohit Sharma, Aditya Tare, Anmolpreet Singh, Anukul Roy, Dhawal Kulkarni, Hardik Pandya, Ishan Kishan, Jasprit Bumrah, Jayant Yadav, Kieron Pollard, Krunal Pandya, Quinton de Kock, Rahul Chahar, Suryakumar Yadav, Trent Boult, Chris Lynn, Saurabh Tiwary, Mohsin Khan

නිදහස් කළ ක්‍රීඩකයින්: Prince Balwant Rai, Digvijay Deshmukh, Lasith Malinga, Nathan Coulter-Nile, James Pattinson, Sherfane Rutherford, Mitchell McCleneghan

රාජස්ථාන් රෝයල්ස් –

රාජස්ථාන් කණ්ඩායම විසින් ක්‍රීඩකයන් 17 දෙනෙකු රදවා ගෙන ඇති අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 5 දෙනෙකු ද ඇතුළත්.

ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 50.15 ක මුදලක් වැය කර ඇති අතර, කෝටි 34.85 ක මුදලක් ඔවුන් සතුව ඉතිරිව පවතිනවා.

රාජස්ථාන් කණ්ඩායමට ඉදිරියේ දී විදෙස් ක්‍රීඩකයින් 3 දෙනෙකු ද ඇතුළුව ලබා ගත හැකි සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 8ක්.

රදවා ගත් ක්‍රීඩකයින් : Sanju Samson, Ben Stokes, Jofra Archer, Jos Buttler, Mahipal Lomror, Manan Vohra, Mayank Markande, Rahul Tewatia, Riyan Parag, Shreyas Gopal, Robin Uthappa, Jaydev Unadkat, Yashasvi Jaiswal, Anuj Rawat, Kartik Tyagi, David Miller, Andrew Tye

නිදහස් කළ ක්‍රීඩකයින් : Steve Smith, Akash Singh, Anirudha Joshi, Ankit Rajpoot, Oshane Thomas, Shashank Singh, Tom Curran, Varun Aaron

රෝයල් චැලෙන්ජර් බැංගලෝර් –

බැංගලෝර් කණ්ඩායම විසින් ක්‍රීඩකයන් 12 දෙනෙකු රදවා ගෙන ඇති අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 4 දෙනෙකු ද ඇතුළත්.

ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 49.10 ක මුදලක් වැය කර ඇති අතර, කෝටි 35.90 ක මුදලක් ඔවුන් සතුව ඉතිරිව පවතිනවා.

බැංගලෝර් කණ්ඩායමට ඉදිරියේ දී විදෙස් ක්‍රීඩකයින් 4 දෙනෙකු ද ඇතුළුව ලබා ගත හැකි සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 13ක්.

රදවා ගත් ක්‍රීඩකයින් : Virat Kohli, AB de Villiers, Devdutt Padikkal, Md. Siraj, Navdeep Saini, Washington Sundar, Yuzvendra Chahal, Joshua Phillipe, Pavan Deshpande, Shahbaz Ahmed, Adam Zampa, Kane Richardson

නිදහස් කළ ක්‍රීඩකයින් : Chris Morris, Shivam Dube, Aaron Finch, Umesh Yadav, Dale Steyn, Moeen Ali, Parthiv Patel, Pawan Negi, Isuru Udana, Gurkeerat Mann

සන්රයිසස් හයිදරාබාද් –

හයිදරාබාද් කණ්ඩායම විසින් ක්‍රීඩකයන් 22 දෙනෙකු රදවා ගෙන ඇති අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු ද ඇතුළත්.

ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 74.25 ක මුදලක් වැය කර ඇති අතර, කෝටි 10.75 ක මුදලක් ඔවුන් සතුව ඉතිරිව පවතිනවා.

හයිදරාබාද් කණ්ඩායමට ඉදිරියේ දී එක් විදෙස් ක්‍රීඩකයෙකු ඇතුළුව ලබා ගත හැකි සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 3ක්.

රදවා ගත් ක්‍රීඩකයින් : David Warner, Abhishek Sharma, Basil Thampi, Bhuvneshwar Kumar, Jonny Bairstow, Kane Williamson, Manish Pandey, Mohammad Nabi, Rashid Khan, Sandeep Sharma, Shahbaz Nadeem, Shreevats Goswami, Siddarth Kaul, Khaleel Ahmed, T Natarajan, Vijay Shankar, Wriddhiman Saha, Virat Singh, Priyam Garg, Mitchell Marsh, Jason Holder, Abdul Samad

නිදහස් කළ ක්‍රීඩකයින් : Billy Stanlake, Sandeep Bavanaka, Fabian Allen, Sanjay Yadav, Prithviraj Yarra

මේ වන විට සියලු කණ්ඩායම් සදහා ඇති පුරප්පාඩු ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 61ක් වන අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 22 දෙදෙනෙකු ද ඇතුළත්.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

Leave a comment