Ultimate magazine theme for WordPress.

IPL සියලු කණ්ඩායම් විසින් රදවා ගත් ක්‍රීඩකයින් හා ඔවුන්ගේ වටිනාකම් නිවේදනය කෙරේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ මීළග අදියර වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රදවා ගත් ක්‍රීඩකයින්ගේ නම් අද(30) රාත්‍රී කාලයේ දී නිල වශයෙන් නිවේදනය කෙරුණා.

සියලු කණ්ඩායම්වලට උපරිම වශයෙන් ක්‍රීඩකයින් සිව් දෙනෙකු සිය කණ්ඩායමේ රදවා ගැනීමටයි මෙවර අවස්ථාව ලබා දුන්නේ.

ඒ අතරට උපරිම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද රදවා ගැනීමේ හැකියාව කණ්ඩායම් වෙත හිමිව තිබුණා.

IPL තරගාවලිය සදහා ලබන වසරේ සිට ලක්නව් හා අහ්මදාබාද් නගර කේන්ද්‍ර කර ගනිමින් නව කණ්ඩායම් දෙකක් ද එක්වන අතර, එම කණ්ඩායම් දෙක සදහා ක්‍රීඩකයින් තිදෙනෙකු බැගින් මිලදී ගැනීමේ අවස්ථාව ඉදිරියේ දී හිමි වනු ඇති.

සෙසු සියලු ක්‍රීඩකයින් ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගැනීමටයි සියලු කණ්ඩායම්වලට සිදු වන්නේ.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සදහා නිමා වූ තරග වාරයේ දී ක්‍රීඩා කළ වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර ද එම කණ්ඩායමෙන් නිදහස් කර තිබෙනවා.

කණ්ඩායම් 8 විසින් සිය කණ්ඩායම්වල රදවා ගත් ක්‍රීඩක ලැයිස්තුව –

  • රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් –
  1. විරාට් කෝලි : ඉන්දීය රුපියල් කෝටි 15ක වටිනාමක්
  2. ග්ලේන් මැක්ස්වෙල් : ඉන්දීය රුපියල් කෝටි 11ක වටිනාමක්
  3. මොහොමඩ් සිරාජ් : ඉන්දීය රුපියල් කෝටි 7ක වටිනාමක්
  • මුම්බායි ඉන්දියන්ස් –
  1. රෝහිට් ෂර්මා : ඉන්දීය රුපියල් කෝටි 16ක වටිනාකමක්
  2. ජස්ප්‍රිට් බුම්රා : ඉන්දීය රුපියල් කෝටි 12ක වටිනාකමක්
  3. සූර්යකුමාර් යාදෙව් : ඉන්දීය රුපියල් කෝටි  8ක වටිනාකමක්
  4. කිරන් පොලාඩ් : ඉන්දීය රුපියල් කෝටි 6ක වටිනාකමක්
  • චෙන්නායි සුපර් කිංග්ස් –
  1. රවීන්ද ජඩේජා : ඉන්දීය රුපියල් කෝටි 16ක වටිනාකමක්
  2. මහේන්ද්‍ර සිං දෝනි : ඉන්දීය රුපියල් කෝටි 12ක වටිනාකමක්
  3. මොයීන් අලී : ඉන්දීය රුපියල් කෝටි 8ක වටිනාකමක්
  4. රුටුරාජ් ගයික්වඩ් : ඉන්දීය රුපියල් කෝටි 6ක වටිනාකමක්
  • කොල්කටා නයිට් රයිඩර්ස් –
  1. ඇන්ඩ්‍රි රසල් : ඉන්දීය රුපියල් කෝටි 12ක වටිනාකමක්
  2. වරුන් චක්‍රවර්තී : ඉන්දීය රුපියල් කෝටි 8ක වටිනාකමක්
  3. වෙන්කටේෂ් අයියර් : ඉන්දීය රුපියල් කෝටි 8ක වටිනාකමක්
  4. සුනිල් නාරායන් : ඉන්දීය රුපියල් කෝටි 6ක වටිනාකමක්
  • සන්රයිසස් හයිදරාබාද් –
  1. කේන් විලියම්සන් : ඉන්දීය රුපියල් කෝටි 14ක වටිනාකමක්
  2. අබ්දුල් සමාද් : ඉන්දීය රුපියල් කෝටි 4ක වටිනාකමක්
  3. උම්රාන් මලික් : ඉන්දීය රුපියල් කෝටි 4ක වටිනාකමක්
  • රාජස්ථාන් රෝයල්ස් –
  1. සංජු සැම්සන් : ඉන්දීය රුපියල් කෝටි 14ක වටිනාකමක්
  2. ජොස් බට්ලර් : ඉන්දීය රුපියල් කෝටි 10ක වටිනාකමක්
  3. යශස්වි ජයිස්වාල් : ඉන්දීය රුපියල් කෝටි 4ක වටිනාකමක්
  • දිල්ලි කැපිටල්ස් –
  1. රිෂාබ් පාන්ට් : ඉන්දීය රුපියල් කෝටි 16ක වටිනාකමක්
  2. අක්සාර් පටෙල් : ඉන්දීය රුපියල් කෝටි  9ක වටිනාකමක්
  3. ප්‍රිත්වි ෂෝ : ඉන්දීය රුපියල් කෝටි  7.5ක වටිනාකමක්
  4. අන්රිච් නොකියා : ඉන්දීය රුපියල් කෝටි 6.5ක වටිනාකමක්
  • පංජාබ් කිංග්ස් –
  1. මයාන්ක් අගාර්වල් : ඉන්දීය රුපියල් කෝටි 14ක වටිනාකමක්
  2. අර්ශ්දීප් සිං : ඉන්දීය රුපියල් කෝටි 4ක වටිනාකමක්
Leave a comment