Ultimate magazine theme for WordPress.

IPL බුබුලට යළිත් කොරෝනා රිංගයි

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටී.නටරාජන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔහුව මේ වන විට හුදෙකලා කිරීමකට ලක් කර ඇති බවයි අයි.පී.එල් සංවිධායකයින් නිවේදනය කළේ.

ඔහුගේ සමීප ආශ්‍රිතයින් 6 දෙනෙකු ද නිරෝධායනයට ලක් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

නිරෝධායනයට ලක් කෙරුණු පිරිස අතර සන්රයිසස් ක්‍රීඩක විජයි ශන්කර් ද සිටිනවා.

නිරෝධායනයට ලක් කර ඇති සෙසු පිරිස –

  • Vijay Kumar – Team Manager
  • Shyam Sundar J – Physiotherapist
  • Anjana Vannan – Doctor
  • Tushar Khedkar – Logistics Manager
  • Periyasamy Ganesan – Net Bowler

සමීප ආශ්‍රිතයින් ඇතුළු සෙසු සියලු සාමාජිකයින් අද එරට වේලාවෙන් අලුයම 5ට යළිත් PCR පරීක්ෂණයකට මුහුණ දී තිබුණා.

එහි ප්‍රතිපල අනුව වෙනත් කිසිදු සාමාජිකයෙකු කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව අද පැවැත්වීමට නියමිත සන්රයිසස් හයිදරාබාද් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර තරගය නියමිත පරිදි ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය පසුගිය මැයි මාසයේ දී ද අතරමගදී අත්හිටුවීමට සිදු වූයේ අයි.පී.එල් තරගාවලියට අදාළ ජෛව ආරක්ෂිත බුබුලු තුළින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන්.

ඒ වන විට තරග 29ක් පවත්වා තිබූ අතර, ඉතිරි තරග යළි ආරම්භ කෙරුණේ පසුගිය 19 වනදායි.

Leave a comment