Ultimate magazine theme for WordPress.

IPL නිසා CPL දින නිල වශයෙන් මාරු වෙයි

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 26 වනදා ආරම්භ වන බව තරගාවලියේ සංවිධායකයින් අද(14) තහවුරු කළා.

ඒ අනුව තරගාවලිය අගෝස්තු 26 වනදා සිට සැප්තැම්බර් 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මීට පෙර තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ අගෝස්තු 28 වනදා සිට සැප්තැම්බර් 19 වනදා දක්වායි.

කොරෝනා වසංගතය හේතුවෙන් අතරමගදී අත්හිටුවීමට කටයුතු කෙරුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ ඉතිරි තරග ද සැප්තැම්බර් 18 හෝ 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග සහ මෙවර සී.පී.එල් තරගාවලිය කිසිදු ඝට්ඨනයක් ඇති නොවන පරිදි පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් බළධාරීන් මීට පෙර එකගතාවයකට එළඹුණු අතර, ඒ අනුවයි සී.පී.එල් තරගාවලියේ තරග කාලසටහන සංශෝදනය කිරීමට පියවර ගැණුනේ.

Leave a comment