Ultimate magazine theme for WordPress.

IPL නිසා නවසීලන්ත ක්‍රීඩකයින් රැසක් බංග්ලාදේශයට එරෙහි 20යි 20න් විවේක ගන්වයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ටිම් සවුතිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

කෙසේ වෙතත්, එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් රැසක් මෙම සංචිතයට නම් කර නැහැ.

අයි.පී.එල් තරගාවලියට පෙර එම ක්‍රීඩකයින්ට සිය පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමට අවස්ථාව සැලසීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව කේන් විලියම්සන්, ට්‍රෙන්ට් බෝල්ට්, මිචෙල් සැන්ට්නර්, ක්යිල් ජමිසන්, ජිමී නීෂම් සහ ටිම් සෙයිෆර්ට් යන ක්‍රීඩකයින් 20යි 20 සංචිතයට ඇතුළත්ව නැහැ.

ෆින් ඇලන් සහ විල් යන්ග් 20යි 20 සංචිතයට නම් කර ඇති අතර, ආබාධයන්ට ලක්ව සිටි ලුකී ෆර්ගියුසන් සහ ඇඩම් මිල්න් ද සංචිතයට යළි කැදවා තිබෙනවා.

ඇලන්, ෆර්ගියුසන් සහ මිල්න් ද මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

නවසීලන්තය සහ බංග්ලාදේශය අතර තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 28 වනදා ආරම්භ වනු ඇති.

New Zealand T20I Squad: Tim Southee (c), Finn Allen, Todd Astle, Hamish Bennett, Mark Chapman, Devon Conway (wk), Lockie Ferguson , Martin Guptill, Adam Milne, Daryl Mitchell, Glenn Phillips, Ish Sodhi, Will Young

Leave a comment