Ultimate magazine theme for WordPress.

IPL තරග කාලසටහන නිකුත් කෙරේ

මෙවර අතරමගදී අත්හිටුවීමට සිදු වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලියේ ඉතිරි තරගවලට අදාළ තරග කාලසටහන තරගාවලියේ සංවිධායකයින් විසින් අද(25) පස්වරුවේ ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

දින 27ක් තුළ දී තරග 31ක් පවත්වා අවසන් කිරීමට නියමිතව ඇති අතර, අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 15 වනදා ඩුබායි හී දී යි.

තරගාවලියේ ඉතිරි තරග ආරම්භ කරමින් පළමු තරගය, එනම් මෙවර තරගාවලියේ 30 වන තරගය සැප්තැම්බර් 19 වනදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර ඩුබායි හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඩුබායිහී දී තරග 13ක් ද, සාජා හී දී තරග 10 ක් ද අබුඩාබි හී දී තරග 8ක් ද පැවැත්වීමට නියමිතයි.

අවසන් වටයේ පළමු තරගය ඩුබායිහී දී ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වෙන අතර, අවසන් වටයේ දෙවැනි හා තෙවැනි තරග ඔක්තෝබර් 11 වැනිදා හා 13 වැනිදා සාජාහී දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය මැයි මාසයේ දී අතරමගදී අත්හිටුවීමට සිදු වූයේ තරගාවලියට අදාළ ජෛව ආරක්ෂිත බුබුල තුළින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන්.

තරග කාලසටහන –

IPL T20
Leave a comment