Ultimate magazine theme for WordPress.

IPL තරගාවලියේ කණ්ඩායම් ගණන ඉහළ නැංවීමට අනුමැතිය

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් 10ක් ඇතුළත් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මේ වන විට කණ්ඩායම් 8ක් ඇතුළත් අයි.පී.එල් තරගාවලියට 2022 වසරේ සිට කණ්ඩායම් 10ක් ඇතුළත් කරනු ඇති.

මෙම තීරණයට අද(24) අහ්මදාබාද්හී දී පැවැති ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී අනුමැතිය හිමි වූ බව සදහන්.

මේ අතර, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ක්‍රිකට් ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය ගෙන ඇති තීරණයට සහාය පල කිරීමට ද ඉන්දීය ක්‍රිකට් ආයතනය අද තීරණය කර තිබෙනවා.

Leave a comment