Ultimate magazine theme for WordPress.

IPL අවසන් මහා තරගය හෙටට කල් දැමේ

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අද(28) පැවැත්වීමට නියමිතව තිබූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට(29) දිනය දක්වා කල් දැමීමට විනිසුරුවන් කටයුතු කළා.

ඒ, අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත අහ්මදාබාද් ක්‍රීඩාංගනයට ඇදහැළුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන්.

වර්ෂාව හේතුවෙන් අද දිනයේ දී කාසියේ වාසිය උරගා බැලීමක් හෝ සිදු කෙරුණේ නැහැ.

රාත්‍රී 9ට පමණ වර්ෂාව තාවකාලිකව නතර වූයේ තරගය ආරම්භය පිළිබද යම් බලාපොරොත්තුවක් එක්කරමින්.

කෙසේ වෙතත්, පසුව මිනිත්තු 25 කට පමණ පසුව ක්‍රීඩාංගනයට යළි ධාරිණිපාත වර්ෂාවක් ඇදහැළුනු අතර, රාත්‍රී 10.50 ට පමණ වර්ෂාව නතර වුණා.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය සලකා බලා තරගය හෙට දිනය දක්වා කල් දැමීමටයි තීරණය කෙරුණේ.

තරගය අවම වශයෙන් පන්දුවාර 5 ක තරගයක් ලෙස පැවැත්වීමටනම් අලුයම 12.06 ට තරගය ආරම්භ කළ යුතුව තිබුණා. ඒ සදහා ක්‍රීඩාංගනය සකස් කිරීමටනම් පැයක පමණ කාලයක් ක්‍රීඩාංගන සේවකයින්ට අවශ්‍ය වනවා.

තරගය හෙට රාත්‍රී 7.30ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

Leave a comment