Ultimate magazine theme for WordPress.

IPL අරඹන්න දින දෙකකට පෙර RCB කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ඩැනියල් සෑම්ස්ට කොරෝනා වෛරසය (කොවිඩ් 19) ආසාදනය වී තිබෙනවා.

බැංගලෝර් කණ්ඩායම නිවේදනය කළේ ඔහු මේ වන විට සෙසු සාමාජිකයින්ගෙන් හුදෙකලා කර ඇති බවයි.

ඩැනියල් සෑම්ස් පසුගිය 3 වනදා චෙන්නායිහී දී බැංගලෝර් කණ්ඩායම සමග එක් වී තිබුණා.

ඒ, කොරෝනා වෛද්‍ය පරීක්ෂණයකින් සමත් වූ වාර්තාවක් ද සමගින්.

කෙසේ වෙතත්, අනතුරුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකදීයි ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වී ඇත්තේ.

මීට පෙර එම කණ්ඩායමේ ආරම්භක පිතිකරු දෙව්දත් පඩික්කල්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.

පසුගිය 22 වනදා ඒ බව අණාවරණය වී තිබූ අතර, ඒ අනුව සති දෙකක කාලයක් ඔහු සිය නිවසේ සිට නිරෝධායනයට ලක් කෙරුණා.

අද(7) දිනයේ දී දෙව්දත් පඩික්කල් සිය කණ්ඩායම සමග එක් වූ බවයි බැංගලෝර් කණ්ඩායම නිවේදනය කළේ.

Leave a comment