IPL හැරදා කාගිසෝ රබාඩා යළි දකුණු අප්‍රිකාවට

පංජාබ් කිංග්ස් කණ්ඩායමේ දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා යළි දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ආබාධයකට (an infection in the soft tissue of a lower limb) ලක්වීම හේතුවෙන් ඔහු එලෙස අයි.පී.එල් තරගාවලියෙන් ඉවත්ව ගොස් ඇති නමුත්, එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
රබාඩා මෙවර අයි.පී.එල් තරගාවලියේ දී තරග 11 කදී කඩුලු 11 ක් දවා ගැනීමට සමත් වුණා.
පංජාබ් කණ්ඩායමට මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීමත් සමග ඔහුට අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වී යළි සිය රට බලා පිටව යාමට අවසර ලැබී තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ දී ඔහු විශේෂඥ වෛද්‍යවරයෙකු ද මුණ ගැසී ඇති අතර, දකුණු අප්‍රිකා වෛද්‍ය කණ්ඩායම විසින් ඔහු පිළිබද දැඩි අවධානයෙන් පසුවනවා.