IPL නිසා ප්‍රබල ක්‍රීඩකයින් 12 ක් නොමැති එක්දින හා T20 නවසීලන්ත සංචිත නිවේදනය කෙරේ
සංචාරක නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හා 20යි 20 තරගය සදහා වන නවසීලන්ත සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලිය පැවැත්වෙන කාලය අතුරතුර දී මෙම තරගාවලිය පැවැත්වෙන බැවින් ප්‍රබල නවසීලන්ත ක්‍රීඩකයින් 12 දෙනෙකු නෙදර්ලන්තයට එරෙහි සංචිතවලට නම් කර නැහැ.
ඒ, එම ක්‍රීඩකයින්ට අයි.පී.එල් තරගාවලියට සහභාගී වීමට අවශ්‍ය ඉඩකඩ සලසා දෙමින්.
නිත්‍ය නායක කේන් විලියම්සන් ද එම ක්‍රීඩකයින් 12 දෙනා අතරට ඇතුළත් බැවින් ටොම් ලේතම් නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස පත් කර තිබෙනවා.
තුන් ඉරියව් ක්‍රීඩක මයිකල් බ්‍රේස්වේල් හා කඩුලු රකින පිතිකරු ඩේන් ක්ලීවර් පළමු වරට නවසීලන්ත සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
බ්‍රේස්වේල් එක්දින හා 20යි 20 සංචිත දෙකටම නම් කර ඇති අතර, ක්ලීවර් නම් කර ඇත්තේ 20යි 20 සංචිතයට පමණයි.
දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය නවසීලන්ත සුපිරි පිතිකරු රෝස් ටේලර් ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර තරගාවලිය වීම ද විශේෂත්වයක්. ටේලර් නම් කර ඇත්තේ එක්දින තරගාවලිය සදහා පමණයි.
නවසීලන්තය හා නෙදර්ලන්තය අතර පැවැත්වෙන 20යි 20 තරගය මාර්තු 25 වනදා නේපියර් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් තරග 3කින් යුත් එක්දින තරගාවලිය මාර්තු 29 වනදා ආරම්භ වීමට නියමිතයි.
New Zealand ODI squad:
Tom Latham (capt, wk), Doug Bracewell, Michael Bracewell, Mark Chapman, Colin de Grandhomme, Martin Guptill, Matt Henry, Kyle Jamieson, Henry Nicholls, Ish Sodhi, Ross Taylor, Blair Tickner, Will Young
New Zealand T20I squad:
Tom Latham (capt, wk), Doug Bracewell, Michael Bracewell, Mark Chapman, Dane Cleaver (wk), Colin de Grandhomme, Martin Guptill, Matt Henry, Scott Kuggeleijn, Ben Sears, Ish Sodhi, Blair Tickner, Will Young