IPL තරග 55ක් මුම්බායි නුවරට ; දිල්ලි කණ්ඩායමට නව සහාය පුහුණුකරුවන් දෙදෙනෙකුත් පත් කෙරේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග වදින දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස අජිත් අගාර්කර් පත් කර තිබෙනවා.
ඒ අනුව ඉන්දීය හිටපු වේග පන්දු යවන්නෙකු වන අගාර්කර් ප්‍රධාන පුහුණුකරු රිකී පොන්ටින් සමග එළඹෙන අයි.පී.එල් තරග වාරයේ දී කටයුතු කරනු ඇති.
ඔස්ට්‍රේලියානු හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ශේන් වොට්සන් ද දිල්ලි කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස මේ වන විට එක්ව තිබෙනවා.
මේ අතර, මාර්තු 26 වනදා පමණ වන විට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෙවර අයි.පී.එල් තරගාවලියේ මූලික වටයේ තරග 55ක් මුම්බායි නුවර කේන්ද්‍රකරගත් ක්‍රීඩාංගන තුනකදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
Wankhede, Brabourne, හා DY Patil යන ක්‍රීඩාංගනවලදී එම තරග පැවැත්වීමටයි අවධානය යොමු කර ඇත්තේ.
පූනේහි MCA ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී තවත් තරග 15ක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සදහන්.
අද(24) පැවැත්වෙන අයි.පී.එල් තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ රැස්වීමකදී තරග කාලසටහන සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.