Ultimate magazine theme for WordPress.

IPL තරග කාලසටහනේ හදිසි වෙනසක්; තරග දෙකක් එකම වේලාවට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක එකම වේලාවකදී පැවැත්වීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ, සවස් කාලයේ දී එක් තරගයක් හා රාත්‍රී තරගයේ දී අනෙක් තරගය පැවැත්වීමට මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කරමින්.

ඒ අනුව මෙවර තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක වන සන්රයිසස් හයිදරාබාද් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගයත්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා දිල්ලි කැපිටල්ස් අතර තරගයත් ලබන 8 වනදා මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ කෙරෙනු ඇති.

මෙලෙස එක් වේලාවකදී තරග දෙකක් පැවැත්වෙන්නේ අයි.පී.එල් ඉතිහාසයේ පළමු වරටයි.

අදාළ තරග දෙක පිළිවෙලින් අබුඩාබි හීදී හා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.

මෙම තීරණයට හේතුව කුමක්දැයි ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.