IPL තරගාවලිය යළි ආරම්භ කෙරෙන හැටි BCCI නිවේදනය කරයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි සතියක කාලයක් සදහා අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ, ඉන්දියාව හා පාකිස්තානය අතර මේ වන විට ඇතිව තිබෙන යුද ගැටුම් පදනම් කර ගනිමිනුයි.
තරගාවලියේ ඉතිරි තරග පැවැත්වෙන දින හා ක්‍රීඩාංගන පිළිබද තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.
ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා කර තරග කාලසටහන සකස් කිරීමට අදාළ අවසන් තීන්දු තීරණ ගන්නා බව ද එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටියා.
ඊයේ දිනයේදී ධර්ම්සාලාහීදී පංජාබ් කිංග්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පැවැති තරගාවලියේ 58 වැනි තරගය ද අතරමගදී අත්හැර දැමීමට සංවිධායකයින් තීරණය කළ පසුබිමකයි තරගාවලිය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇත්තේ.
විදුලිය ඇනහිටීමක් නිසා ක්‍රීඩාංගනයේ විදුලි අලෝකය බිද වැටීම හේතුවෙන් තරගය අත්හිටු වූ බව තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කර තිබූ නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කර පූර්වාරක්ෂක පියවරක් ලෙස එම තරගය අතරමගදී අත්හිටුවීමට පියවර ගත් බවයි IPL සභාපති Arun Dhumal අද සදහන් කළේ.
එම තරගයෙන් පසුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් හා කාර්යය මණ්ඩල සාමාජිකයින් විශේෂ දුම්රියක් මගින් දිල්ලි නුවර බලා අද පෙරවරු කාලයේදී පැමිණියා. ඒ, ධර්ම්සාලා හා ඒ අවට ගුවන් තොටුපොලවල් වසා දමා තිබීම හේතුවෙනුයි.
මේ වන විට තරගාවලිය යටතේ තරග 58 ක් පමණක් පවත්වා ඇති අතර, තවත් තරග 16 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Thank you, @RailMinIndia, for arranging a special Vande Bharat train on such short notice to ferry the players, support staff, commentators, production crew members, and operations staff to New Delhi.
We deeply appreciate your swift response. 🙌🏽@AshwiniVaishnaw | @JayShah |… pic.twitter.com/tUwzc5nGWD
— IndianPremierLeague (@IPL) May 9, 2025