IPL තරගාවලියට නව නීති දෙකක්

පන්දුව පිරිමැදීම සදහා කේඨය (කෙල) යොදා ගැනීමට එරෙහිව පනවා ඇති තහනම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිට ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එමෙන්ම අයි.පී.එල් තරගවල දෙවැනි ඉනිමේදී පන්දු දෙකක් යොදා ගැනීමට ද තීරණය කර ඇති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.
දෙවැනි පන්දුව සෑම දෙවැනි ඉනිමකම 11 වැනි පන්දුවාරයෙන් පසුව යොදා ගැනෙන අතර, මෙහි මූලික අරමුණ වී ඇත්තේ රාත්‍රී කාලයේ පැවැත්වෙන තරඟවලට බොහෝ විට පින්නෙන් සිදු වන බලපෑම අවම කර ගැනීමයි.
ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් අද(20) මුම්බායිහීදී අයි.පී.එල් කණ්ඩායම් නායකයින් හා කලමනාකරුවන් සමග පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කර ඇති බව සදහන්.
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි.