“IPL කණ්ඩායම් දෙකකින් මට කතා කරා, ඒක මගේ හීන දෙකෙන් එකක්” : වනිදු හසරංග

අවස්ථාවක් ලැබුණොත් තමා මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පවසනවා.
අයි.පී.එල් තරගාවලියක් ක්‍රීඩා කිරීම තමාගේ එක් හීනයක් බවයි ඔහු සදහන් කළේ.
සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමග යූ ටියුබ් ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වනිදු ඒ බව සදහන් කළා.
මේ වන විට තමාට අයි.පී.එල් කණ්ඩායම් දෙකකින් පමණ ආරාධනා ලැබී ඇති බවයි මෙහිදී වනිදු හසරංග කියා සිටියේ.
“මගේ හීන දෙකක් තියෙනවා. එකක් අයි.පී.එල් ගහන්න. අනිත් එක එංගලන්ත ප්‍රාන්ත තරග ගහන එක.” යනුවෙන් වනිදු පවසා සිටියා.
“මම ඉන්දීය තරගාවලිය හොදට කරා. මට අයි.පී.එල් කණ්ඩායම් දෙකකින් විතර කතා කරා. එයාලා තාම ඒක කතා කරගෙන යනවා. මම බලාපොරොත්තුවෙනවා අවස්ථාවක් ආවොත් අයි.පී.එල් යන්න. මම තාම ක්‍රීඩා කරලා තියෙන්නේ T 10 විතරයි. ඒකත් පොඩි මැච් ටිකක් විතරයි තිබ්බේ ක්‍රීඩා කරන්න.”
“අයි.පී.එල් යනව කියන්නේ මට ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ගන්න පුලුවන් වෙයි. මට තාම අවුරුදු 24යි. අයි.පී.එල් ගිහිං ගන්න අත්දැකීම් වෙන කිසිම තැනකින් ගන්න පුලුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ලෝක කුසලානය තියෙන්නේත් ඩුබායිවල. මම ඩුබායිවල ගහලා තියෙන්නේ T 10 විතරයි. ඒකත් ඕවර් 10යි. අයි.පී.එල් එකත් ගහන්නේ ඩුබායිවල නිසා මට ඒකත් ලොකු ප්‍රයෝජනයක් වෙයි ගිහිල්ල ගහන එක. මට තාම හරියටම කණ්ඩායමක් කතා කරලා නැහැ. ගියත් මැච් 7ක් 8ක් වගේ තමයි තියෙන්නේ. ඒක මැනේජ් කරගෙන කොහොමහරි යන්න ලැබුණොත් මම ඒ අවස්ථාව ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට ඒ අත්දැකීම ගොඩක් වටියි ඉස්සරහට මගේ ක්‍රිකට් ජීවිතේ.”
වනිදු හසරංග කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පල වුණා.
ලසිත් මාලිංග කියා සිටියේ සී.පී.එල් තරගාවලියට ද ක්‍රීඩා කිරීමට තීරණය කළේ නම් වනිදුට තවත් අත්දැකීම් රැසක් ලබා ගැනීමට අවස්ථාව උදා වීමට ඉඩ තිබූ බවයි.
“රටින් පිට ලීග්වලට යන්න යන්න ඔයාගෙ අත්දැකීම් වැඩි වෙනවා වගේම අනිත් කට්ටිය (ඔයාව) අදුරගන්න ප්‍රමාණයත් වැඩිවෙනවා.” යනුවෙන් මාලිංග කියා සිටියා.
“එතකොට ඔයාට කාලයක් රැදෙන්න ඔයා තව හොදට ඔයාගෙ ස්කිල් එක ඉගෙන ගන්න ඕනෙ. මම අයි.පී.එල් පටන් ගත්තේ 2008 දී. මම 2019 වෙනකං අයි.පී.එල් ගැහුවා. එතකොට මාව අදුරගත්තනම් මම ඒකට විසදුමක් විදිහට හොද දේවල් ඉගෙන ගත්තොත් තමයි මට ජාත්‍යන්තර ක්‍රිකට්වල රැදෙන්න පුලුවන්. ඒක නිසා ඔයාටත් වගකීමක් තියෙනවා, ඒ විදිහ අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව ගන්න. අරගෙන තව දේවල් ඉගෙන ගන්න.”