IPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම හා පළමු ශූරයින් අද ඓතිහාසික තරගයක
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ 1,000 වැනි තරගය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී අද(30) රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පස්වරු 3:30 ට තරගාවලියේ 999 වැනි තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර චෙන්නායි හී දී පැවැත්වීමට නියමිත අතර, අනතුරුව රාත්‍රී 7:30 ට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරගය අයි.පී.එල් තරගාවලියේ ඓතිහාසික කඩඉමක් සටහන් කරමින් පැවැත්වීමට නියමිතයි.
අයි.පී.එල් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම වන මුම්බායි කණ්ඩායම හා පළමු ශූරතාවය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක්.
මුම්බායි නායක රෝහිත් ෂර්මාට ද අද දිනය සුවිශේෂි දිනයක් බවට පත්ව තිබෙනවා. ඔහු අද දිනයේ දී සිය 36 වැනි උපන් දිනය සැමරීම ඉන් එක් විශේෂත්වයක්. එමෙන්ම ඔහු මුම්බායි කණ්ඩායමේ නායකත්වය දැරීම ආරම්භ කර වසර 10ක් සපිරීම සැමරීම සදහා ද මුම්බායි ඉන්දියන්ස් (MI) කණ්ඩායම අද දිනය තෝරා ගෙන තිබෙනවා. රෝහිත් පළමු වරට MI කණ්ඩායමේ නායකත්වය දැරුවේ 2013 වසරේ අප්‍රේල් 24 වැනිදායි.
මුම්බායි කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ රැදී සිටින අතර, ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන රාජස්ථාන් කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවනවා.
අයි.පී.ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම වන මුම්බායි පිල ශූරතා 5ක් හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා. අයි.පී.එල් තරග වැඩිම ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇති කණ්ඩායම ද වන ඔවුන් වැඩිම ජයග්‍රහන ප්‍රමාණයක් වාර්තා කර ඇති කණ්ඩායම ද වීම විශේෂත්වයක්.
අයි.පී.එල් තරග 239 ක් ක්‍රීඩා කර ඇති MI කණ්ඩායම එහිදී ජය ගෙන ඇති තරග ගණන 132 ක්.
IPL ඉතිහාසයේ වැඩිම ජයග්‍රහන (100 කට වැඩි) වාර්තා කර ඇති කණ්ඩායම් හය –
- Mumbai Indians : තරග 239 යි, ජයග්‍රහන 132 යි, පරාජ 102 යි
- Chennai Super Kings : තරග 218 යි, ජයග්‍රහන 126 යි, පරාජ 89 යි
- Kolkata Knight Riders : තරග 236 යි, ජයග්‍රහන 116යි, පරාජ 112 යි
- Royal Challengers Bangalore : තරග 237 යි, ජයග්‍රහන 111 යි, පරාජ 117 යි
- Punjab Kings : තරග 226 යි, ජයග්‍රහන 102 යි, පරාජ 120 යි
- Delhi Capitals : තරග 233 යි, ජයග්‍රහන 102 යි, පරාජ 124 යි