IPL අතරතුර සිදු වූ ආබාධය නිසා ජොෆ්ර ආචර්ට ගිම්හාන තරග වාරයම අහිමි වෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක්වූ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ගේ නවතම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය තොරතුරු අනාවරණය කර තිබෙනවා.
එරට ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ ආබාධය හේතුවෙන් ආචර්ට ඉදිරි ගිම්හාන තරග වාරයම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන බවයි.
ඒ අනුව එළඹෙන අලුබදුන ටෙස්ට් තරගාවලිය ද ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ඔහුට තරග වාරය අතරතුර දී යළි එංගලන්තය බලා පිටත්ව යාමට සිදු වුණේ දකුණු වැලමිටෙහි සිදු වූ ආබාධයක් හේතුවෙන්.
තරගාවලිය අතරතුර දී ඔහු එක් අවස්ථාවක විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වීම සදහා බෙල්ජියමට ද ගොස් තිබුණා.
ආචර් එංගලන්ත හා සසෙක්ස් වෛද්‍ය කමිටුවල අධීක්ෂණය යටතේ සිය ආබාධය සුව කර ගැනීම සදහා පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට නියමිතයි.
2020 වසරේ සිට ආබාධවලට ලක්වීම හේතුවෙන් ජොෆ්ර ආචර්ට තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව පසුගිය කාලයේ දී අහිමි වුණා.
මෙම වසර ආරම්භයේ දී ඔහු දකුණු අප්‍රිකාවේ දී එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ නමුත්, ඊට පෙර ආබාධ හේතුවෙන් ඔහුට වසර දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.