Ultimate magazine theme for WordPress.

ILT20 තරග කාලසටහන නිවේදනය කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20යි 20 ජාත්‍යන්තර ලීගයේ (International League T20) (ILT20) තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය Dubai Capitals හා Abu Dhabi Knight Riders කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව ඇත්තේ ඩුබායි හී දී යි.

එක් දිනකදී තරග 2 බැගින් පැවැත්වෙන දින 5 ක් ද තරග කාලසටහනට ඇතුළත්.

පළමු වරට මෙවර සංවිධාන කරන මෙම තරගාලිය සදහා තරග 34 ක් ඇතුළත් අතර, මූලික වටයට අයත් තරග ගණන 30 ක්.

ඩුබායි ක්‍රීඩාංගනයේ දී තරග 16 ක් ද, අබුඩාබි හි Sheikh Zayed ක්‍රීඩාංගනයේ දී තරග 10 ක් ද, සාජා ක්‍රීඩාංගනයේ දී තරග 8 ක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ SA20, බිග් බෑෂ් ලීග් හා බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් යන තරගාවලි ද පැවැත්වෙන කාලයේ දී ම යි.

කෙසේ වෙතත්, ලොව නම් දැරූ ක්‍රීඩකයින් රැසක් ILT20 තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන චරිත් අසලංක Knight Riders කණ්ඩායම සදහා ද, වනිදු හසරංග Desert Vipers කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට නියමිත අතර,  භානුක රාජපක්ෂ, දසුන් ශානක හා දුෂ්මන්ත චමීර Dubai Capitals කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමටයි නියමිතව ඇත්තේ.

Show Comments (1)