Ultimate magazine theme for WordPress.

ILT20 ශූරතාවය දසුන්ගේ Dubai Capitals කණ්ඩායමට

Match Report

International League T20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Dubai Capitals කණ්ඩායම සමත් වුණා.

ඒ, ඩුබායිහි පැවැති අවසන් මහා තරගයේදී Desert Vipers කණ්ඩායම පරදා කඩුලු 4ක ජයක් හිමි කර ගනිමින්.

පළමුව පන්දුවට පහරදුන් Desert Vipers කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 189 ක් ලබා ගත්තා.

Max Holden ලකුණු 76(51) ක් රැස් කළේ හතරේ පහර 12 ක් සමගින්. නායක Sam Curran නොදැවී ලකුණු 62(33) යි.

පන්දු යැවීමේදී Obed McCoy ලකුණු 44 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Dubai Capitals කණ්ඩායම පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු හයක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Rovman Powell පන්දු 38 කින් ලකුණු 63 ක් වාර්තා කළ අතර, Sikandar Raza නොදැවී ලකුණු 34(12) ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. දසුන් ශානක හයේ පහර 2ක් සමග පන්දු 10 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 21 ක්.

පන්දු යැවීමේ දී Mohammad Amir හා David Payne කඩුලු 2 බැගින් බිද හෙලුවා.