Ultimate magazine theme for WordPress.

ILT20 : ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 ක් රදවා ගනිද්දී 7 දෙනෙකු නිදහස් කෙරේ

ජාත්‍යන්තර ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ (ILT20) දෙවැනි අදියර වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගත් ක්‍රීඩක ලැයිස්තුව නිවේදනය කර තිබෙනවා.

තරගාවලියේ පළමු අදියර පසුගිය ජනවාරි මාසයේ දී පැවැති අතර, දෙවැනි අදියර 2024 වසරේ ජනවාරි 13 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

දකුණු අප්‍රිකාවේ SA20, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හා ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලි ද එම කාලයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පසුගිය ILT20 තරග වාරය සදහා ක්‍රීඩා කළ සාජා වොරියර්ස් කණ්ඩායමේ මොයීන් අලී හා ඩුබායි කැටප්ල්ස් කණ්ඩායමේ භානුක රාජපක්ෂ එළඹෙන තරග වාරය වෙනුවෙන් සිය සංචිතවල රදවා නොගැනීමට පියවර ගෙන ඇත්තේ ඔවුන් දෙදෙනාම එළඹෙන SA20 තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති පසුබිමකයි.

සංචිතයක් සදහා උපරිම වශයෙන් ක්‍රීඩකයින් 22 දෙනෙකු ද අවම වශයෙන් ක්‍රීඩකයින් 18 දෙනෙකු ද ඇතුළත් විය යුතුයි. එළඹෙන තරග වාරය වෙනුවෙන් සංචිතයකින් නිදහස් කළ හැකි විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණය සීමා කර නොමැති නමුත්, රදවා ගත හැකි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයින් ප්‍රමාණය දෙදෙනෙකු පමණයි.

ඒ ඒ සංචිත විසින් රදවා ගත් ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවේ චරිත් අසලංක, දිනේෂ් චන්දිමාල්, මතීෂ පතිරණ, වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයින් ඇතුළත්.

භානුක රාජපක්ෂට අමතරව ධනංජය ද සිල්වා, ලහිරු කුමාර, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, දසුන් ශානක හා ඉසුරු උදාන යන ක්‍රීඩකයින් සංචිතවලින් නිදහස් කිරීමට කණ්ඩායම් හිමිකරුවන් පියවර ගෙන තිබෙනවා.

රදවා ගත් ක්‍රීඩක ලැයිස්තුව –

  • Abu Dhabi Knight Riders

Ali Khan, Andre Russell, Charith Asalanka, Joe Clarke, Sabir Ali, Sunil Narine, Marchant de Lange, Matiullah Khan

  • Desert Vipers

Alex Hales, Ali Naseer, Colin Munro, Dinesh Chandimal, Gus Atkinson, Luke Wood, Matheesha Pathirana, Rohan Mustafa, Sheldon Cottrell, Shrefane Rutherford, Tom Curran, Wanindu Hasaranga

  • Dubai Capitals

Dushmantha Chameera, Joe Root, Akif Raja, Rovman Powell, Sikandar Raza

  • Gulf Giants

Aayan Afzal Khan, Carlos Brathwaite, Chris Jordan, Chris Lynn, Gerhard Erasmus, James Vince, Jamie Overton, Rehan Ahmed, Richard Gleeson, Sanchit Sharma, Shimron Hetmyer

  • MI Emirates

Andre Fletcher, Daniel Mousley, Dwayne Bravo, Fazalhaq Farooqi, Jordan Thompson, Kieron Pollard, McKenny Clarke, Muhammad Waseem, Nicholas Pooran, Trent Boult, Will Smeed, Zahoor Khan

  • Sharjah Warriors

Chris Woakes, Joe Denly, Junaid Siddique, Mark Deyal, Muhammad Jawadullah, Tom Kohler-Cadmore

නිදහස් කළ ක්‍රීඩක ලැයිස්තුව –

  • Abu Dhabi Knight Riders
    Brandon King, Colin Ingram, Connor Esterhuizen, Kennar Lewis, Dhananjaya de Silva, Fahad Nawaz, Raymon Reifer, Paul Stirling, Brandon Glover, Akeal Hosein, Lahiru Kumara, Ravi Rampaul, Zawar Farid
  • Desert Vipers
    Sam Billings, Adam Lyth, Benny Howell, Ronak Panoly, Jake Lintott, Tymal Mills, Shiraz Ahmed, Ruben Trumpelmann, Mark Watt
  • Dubai Capitals
    Chirag Suri, Niroshan Dickwella, Hazratullah Zazai, Dan Lawrence, George Munsey, Bhanuka Rajapaksa, Robin Uthappa, Fabian Allen, Ravi Bopara, Chamika Karunaratne, Yusuf Pathan, Dasun Shanaka, Isuru Udana, Hazrat Luqman, Fred Klaassen, Mujeeb Ur Rahman, Jash Giyanani, Ollie White
  • Gulf Giants
    Tom Banton, Ollie Pope, C Rizwan, Ashwanth Valthapa, Liam Dawson, Dominic Drakes, David Wiese, Qais Ahmad, Tom Helm
  • MI Emirates
    Vriitya Aravind, Basil Hameed, Najibullah Zadran, Lorcan Tucker, Bas de Leede, Tom Lammonby, Craig Overton, Samit Patel, Imran Tahir, Brad Wheal, Zahir Khan
  • Sharjah Warriors
    Chris Benjamin, Evin Lewis, Rahmanullah Gurbaz, Dawid Malan, Alishan Sharafu, Moeen Ali, Marcus Stoinis, Mohammab Nabi, Paul Walter, Karthik Meiyappan, Naveen-ul-Haq, Noor Ahmad, Bilal Khan, Jamal Todd