Ultimate magazine theme for WordPress.

ILT20 තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 13 දෙනෙක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ (ILT20) දෙවැනි අදියර සදහා ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවක් තරගාවලියේ සංවිධායකයින් විසින් අද නිවේදනය කළා.

ඒ අනුව ඩේවිඩ් වෝනර්, මාර්ක් වුඩ්, ශඩාබ් ඛාන් හා අම්බති රයිදු වැනි ප්‍රබල ක්‍රීඩකයින් ද දෙවැනි අදියර වෙනුවෙන් ගිවිසුම් ගත වීමටයි පියවර ගෙන ඇත්තේ.

වෝනර් හා වුඩ් ඩුබායි කැපිටල්ස් කණ්ඩායම සමග ද, ශඩාබ් ඛාන් ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම සමග ද ගිවිසුම්ගත වී තිබෙනවා.

පාකිස්තාන ක්‍රීඩකයින් වන ශහීන් ශාහ් අෆ්රිඩි හා අසාම් ඛාන් ද වයිපර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. දිනේෂ් චන්දිමාල්, මතීෂ පතිරණ හා වනිදු හසරංග ද වයිපර්ස් සංචිතය සමග රදවා ගැනීමට මීට පෙර පියවර ගැණුනා.

ඉන්දීය ක්‍රිකට් පිටියට සමු දුන් රයිදු මේ දිනවල කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරමින් සිටින අතර, ඔහු ILT20 තරගාවලියේ දී නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ එම්අයි එමිරේට්ස් කණ්ඩායමයි.

එම කණ්ඩායම සදහා ශ්‍රී ලංකාවේ කුසල් පෙරේරා ද ක්‍රීඩා කිරීමට නියමිතයි. එමෙන්ම අප වෙබ් අඩවිය මීට පෙර ද වාර්තා කළ පරිදි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පාදග පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් එමිරේට්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී ඇති බව අද තහවුරු කෙරුණා.

මාර්ටින් ගප්ටිල් හා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සාජා වොරියර්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා. තීක්ෂණට අමතරව ඩිල්ෂාන් මදුෂංක හා කුසල් මෙන්ඩිස් ද වොරියර්ස් කණ්ඩායමට ඇතුළත්.

මේ අතර, ඩුබායි කැපිටල්ස් කණ්ඩායම විසින් දසුන් ශානක, නුවන් තුෂාර, සධීර සමරවික්‍රම, ඇන්ඩෘ ටයි, රහ්මනුල්ලාහ් ගුර්බාස් හා සෑම් බිලින්ග්ස් සමග ගිවිසුම්ගත වී ඇති බවටයි නිවේදනය කෙරුණේ. දුෂ්මන්ත චමීර එම කණ්ඩායමේ රදවා ගැනීමට ද මීට පෙර පියවර ගැණුනා.

අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් චරිත් අසලංක සිය කණ්ඩායමේ තවදුරටත් රදවා ගැනීමට ද මීට පෙර පියවර ගැණුනා.

ඒ අනුව මේ වන විට නිවේදනය කර ඇති සමස්ත ක්‍රීඩක ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 13 දෙනෙකු මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

ILT20 තරගාවලියේ දෙවැනි අදියර 2024 වසරේ ජනවාරි 13 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට සකස් වී ඇති සංචිත –

Abu Dhabi Knight Riders

  • New signings: Brandon McMullen, David Willey, Jake Lintott, Josh Little, Laurie Evans, Michael Pepper, Ravi Bopara, Sam Hain
  • Retentions: Ali Khan, Andre Russell, Charith Asalanka, Joe Clarke, Sabir Ali, Sunil Narine, Marchant de Lange, Matiullah Khan

Desert Vipers

  • New signings: Adam Hose, Azam Khan, Bas de Leede, Michael Jones, Shadab Khan, Shaheen Shah Afridi
  • Retentions: Alex Hales, Ali Naseer, Colin Munro, Dinesh Chandimal, Gus Atkinson, Luke Wood, Matheesha Pathirana, Rohan Mustafa, Sheldon Cottrell, Sherfane Rutherford, Tom Curran,Wanindu Hasaranga

Dubai Capitals

  • New signings: Andrew Tye, Dasun Shanaka, David Warner, Mark Wood, Max Holden, Mohammad Mohsin, Rahmanullah Gurbaz, Nuwan Thushara, Roelof van der Merwe, Sadeera Samarawickrama, Sam Billings
  • Retentions: Dushmantha Chameera, Joe Root, Raja Akif, Rovman Powell, Sikandar Raza

Gulf Giants

  • New signings: Dominic Drakes, Jordan Cox, Karim Janat, Mujeeb Ur Rahman, Saurabh Netravalkar, Jamie Smith
  • Retentions: Aayan Afzal Khan, Carlos Brathwaite, Chris Jordan, Chris Lynn, Gerhard Erasmus, James Vince, Jamie Overton, Rehan Ahmed, Richard Gleeson, Sanchit Sharma , Shimron Hetmyer

MI Emirates

  • New signings: Akeal Hosein, Ambati Rayudu, Corey Anderson, Kusal Perera, Nosthush Kenjige, Odean Smith, Vijayakanth Viyaskanth, Waqar Salamkheil
  • Retentions: Andre Fletcher, Daniel Mousley, Dwayne Bravo, Fazalhaq Farooqi, Jordan Thompson, Kieron Pollard, McKenny Clarke, Muhammad Waseem, Nicholas Pooran, Trent Boult, Will Smeed , Zahoor Khan

Sharjah Warriors

  • New signings: Chris Sole, Daniel Sams, Dilshan Madhushanka, James Fuller, Johnson Charles, Kusal Mendis, Lewis Gregory, Maheesh Theekshana, Mark Watt, Martin Guptill, Sean Williams ,Qais Ahmed
  • Retentions: Chris Woakes, Joe Denly, Junaid Siddique, Mark Deyal, Muhammad Jawadullah ,Tom Kohler-Cadmore