Ultimate magazine theme for WordPress.

ICC T20 ලෝක කණ්ඩායම නම් කෙරේ; ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්

ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැති 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් ඇතුළත් කරමින් ලෝක කණ්ඩායමක් නම් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ වටිනාම කණ්ඩායම (The Upstox Most Valuable Team of the Tournament) ලෙස නම් කර ඇති මෙම කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයෙකු ද සහිතව සමස්ත ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත්.

ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ද නම් කර තිබීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර විස්තර විචාරකයින් වන ඉයන් බිෂෝප්, ශේන් වෝට්සන් හා Natalie Germanos මෙන්ම මාධ්‍යවේදීන් වන Lawrence Booth හා Shahid Hashmi යන අය ඇතුළත් තේරීම් මණ්ඩලයක් විසින් මෙම කණ්ඩායම තෝරා ගෙන තිබෙනවා.

කණ්ඩායමේ නායකයා ලෙස බබාර් අසාම් නම් කර ඇති අතර, කඩුලු රකින පිතිකරුවා වන්නේ ජොස් බට්ලර්.

20යි 20 ලෝක කණ්ඩායම –

  1. David Warner
    289 runs at 48.16. Strike rate of 146.70.
  2. Jos Buttler
    269 runs at 89.66. Strike rate of 151.12.
  3. Babar Azam
    303 runs at 60.60. Strike rate of 126.25.
  4. Charith Asalanka
    231 runs at 46.20. Strike rate of 147.13.
  5. Aiden Markram
    162 runs at 54. Strike rate of 145.94.
  6. Moeen Ali
    92 runs at 46. Strike rate of 131.42. 7 wickets at 11.00. Economy of 5.50.
  7. Wanindu Hasaranga
    16 wickets at 9.75. Economy of 5.20. And 119 runs at 23.90. Strike rate of 148.75.
  8. Adam Zampa
    13 wickets at 12.07. Economy of 5.81.
  9. Josh Hazlewood
    11 wickets at 15.90. Economy of 7.29.
  10. Trent Boult
    13 wickets at 13.30. Economy of 6.25
  11. Anrich Nortje
    Nine wickets at 11.55. Economy of 5.37
  • 12th player: Shaheen Afridi
    Seven wickets at 24.14. Economy of 7.04
Leave a comment