Ultimate magazine theme for WordPress.

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් ප්‍රසාද ලකුණු සටහන

2021 වසරේ සිට 2023 වසර දක්වා ක්‍රියාත්මක අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ අවසන් තරගාවලිය අද(20) නිමා වුණා. ඒ, ශ්‍රී ලංකාව සමග පැවැති තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය නවසීලන්ත කණ්ඩායම තරග 2-0 ක් ලෙස ජය ගැනීමත් සමගයි.

නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද වෙලින්ටන් හි Basin Reserve ක්‍රීඩාංගනයේ දී ක්‍රියාත්මක වූ අතර, අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ද ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 358 ක් පමණයි.

ඒ අනුව එම තරගයෙන් ඉනිමක හා ලකුණු 58 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මේ වන විට පැවැත්වීමට ඉතිරිව ඇත්තේ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර අවසන් මහා තරගය පමණයි. එම තරගය ජූනි 7 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේනම් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා ද සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට පැවතුණා.

කෙසේ වෙතත්, තරගාවලිය තරග 2-0 ක් ලෙස පරාජයට පත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් කිරීමට සිදු වූයේ 5 වැනි ස්ථානය හිමි කර ගනිමින්.

ප්‍රසාද ලකුණු සටහන –

ICC
Leave a comment