Ultimate magazine theme for WordPress.

ICC ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන නිකුත් වෙයි

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන අද(18) ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ, අද(18) නිමා වූ ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගයෙන් අනතුරුවයි.

ඔස්ට්‍රේලියාව එහි තවදුරටත් පෙරමුණ ගෙන සිටින අතර, ඉන්දියාව සහ නවසීලන්තය පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවනවා.

අද තරගයෙන් ජය ගත් එංගලන්තය තවදුරටත් සිව්වැනි ස්ථානයේ පසුවන්නේ සිය ජයග්‍රහන ප්‍රතිශතය 65.2% ක් ලෙස සටහන් කර ගනිමින්.

දකුණු අප්‍රිකාව පස්වැනි ස්ථානයේත්, පාකිස්තානය 6 වැනි ස්ථානයේත් පසුවනවා.

7 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවේ ජයග්‍රහන ප්‍රතිශතය සටහන්ව ඇත්තේ 19% ක් ලෙසයි.

ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තරග 7කට ක්‍රීඩා කර ඇතත්, ඉන් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.

ICC
Leave a comment