Ultimate magazine theme for WordPress.

ICC කාන්තා ජාත්‍යන්තර තරග කාලසටහන (FTP) නිවේදනය කෙරේ ; ශ්‍රී ලංකා කාලසටහන මෙන්න

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් 2025 අප්‍රේල් මාසය දක්වා වන කාන්තා ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහන (Future Tours Program) (FTP) අද(16) නිවේදනය කළා.

අයි.සී.සී තරගාවලි හා ද්විපාර්ශ්වික තරගාවලි ඇතුළත්ව මෙම ජාත්‍යන්තර තරග කාලසටහන නිවේදනය කර ඇති අතර, අයි.සී.සීය විසින් මෙලෙස වසර කිහිපයකට අදාළව කාන්තා ජාත්‍යන්තර තරග කාලසටනක් (FTP) ප්‍රකාශයට පත් කළේ ඉතිහාසයේ පළමු වරටයි.

ඒ අනුව 2022-25 අයි.සී.සී කාන්තා ශූරතාවලියට අයත් තරග කාලසටහන ද අයි.සී.සීය විසින් මේ වන විට තහවුරු කර තිබෙනවා.

අයි.සී.සී කාන්තා ශූරතාවලිය යටතේ සෑම කණ්ඩායමක්ම එක්දින තරග 3 බැගින් යුත් ද්විපාර්ශ්වික තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකාව මෙරට දී ඉන්දියාව (පවත්වා අවසන්), නවසීලන්තය, බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් සමග තරග කිරීමට නියමිතව තිබෙනවා.

විදෙස් සංචාර ලෙස ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ එංගලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්තානය (පවත්වා අවසන්) හා අයර්ලන්තයට එරෙහිවයි.

ටෙස්ට් තරග වැඩි ප්‍රමාණයක් රටවල් අතර පැවැත්වීම ඉදිරි කාලයට අයත් ජාත්‍යන්තර තරග කාලසටහනේ විශේෂත්වයක් ලෙස ද සැලකිය හැකියි.

මෙම කාලසටහනට කාන්තා ජාත්‍යන්තර තරග 300 කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් අතර, ඊට ටෙස්ට් තරග 7 ක්, එක්දින තරග 135 ක් හා 20යි 20 තරග 159 ක් ඇතුළත්.

ශ්‍රී ලංකාව ලබන ජනවාරි මාසයේ දී මෙරට දී බංග්ලාදේශයට එරෙහිව එක්දින හා 20යි 20 තරග 3 බැගින් යුත් තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බවයි අද නිකුත් කළ කාන්තා ජාත්‍යන්තර තරග කාලසටහනෙහි දක්වා ඇත්තේ.

අනතුරුව නවසීලන්තයට එරෙහිව 2023 වසරේ ජූනි – ජූලි මාසවලදී මෙරට දී එක්දින හා 20යි 20 තරග 3 බැගින් යුත් තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් සදහා ශ්‍රී ලංකාව එංගලන්ත තරග සංචාරයක නිරත වන්නේ ලබන වසරේ සැප්තැම්බර් මාසයේ දී යි.

2024 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින හා 20යි 20 තරග 3 බැගින් යුත් තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීම සදහා දකුණු අප්‍රිකා සංචාරයක නිරත වනවා.

2024 වසරේ ජූනි-ජූලි මාසවලදී කොදෙව් ක්‍රීඩිකාවන් මෙරටට පැමිණෙන්නේ ද ශ්‍රී ලංකාව සමග එක්දින හා 20යි 20 තරග 3 බැගින් යුත් තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරය යෙදී ඇත්තේ එම වසරේ අගෝස්තු මාසයේ දී යි. එහිදී ද දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

2027 වසර දක්වා පැවැත්වීමට නියමිත අයි.සී.සී කාන්තා තරගාවලි –

  • February 2023 – Women’s T20 World Cup in South Africa
  • September / October 2024 – Women’s T20 World Cup in Bangladesh
  • September / October 2025 – Women’s Cricket World Cup in India
  • June 2026 – Women’s T20 World Cup in England
  • February 2027 – Women’s T20 Champions Trophy in Sri Lanka
Leave a comment