ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය : ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රතිශතය පහළ යයි

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාවට හිමි ලකුණු ප්‍රතිශතය පහළ ගොස් තිබෙනවා.
ඒ, බංග්ලාදේශය සමග අද(19) නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වීමත් සමගයි.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් 5 වැනි ස්ථානයේ රැදී සිටින අතර, බංග්ලාදේශය 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.
තරගය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 24ක් හිමිව තිබුණා. ලකුණු ප්‍රතිශතය සටහන්ව තිබුණේ 50%ක් ලෙසයි.
පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වීමත් සමග මේ වන විට ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 28 ක් හිමිව තිබෙනවා.
කෙසේ වෙතත්, ලකුණු ප්‍රතිශතය 50% සිට පහළ ගොස් ඇත්තේ 46.67% දක්වායි.
බංග්ලාදේශයට ප්‍රසාද ලකුණු 16ක් හිමිව ඇති අතර, ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය මේ වන විට 16.66% සිට 19.05% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නවතම ප්‍රසාද ලකුණු සටහන –
