ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තවත් තරගාවලි දෙකක් ඊයේ(27) නිමා වුණා.
ඒ, එංගලන්ත – නවසීලන්ත තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය හා බටහිර ඉන්දීය කොදෙව් – බංග්ලාදේශ තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියයි.
මෙම තරගාවලි දෙකම නිමා වුණේ සත්කාරක රටවල් දෙකටම පූර්ණ තරගාවලි ජයක් හිමි කර දෙමින්.
ඒ අනුව එංගලන්තයට තරග 3-0ක ජයක් ද, කොදෙව්වන්ට තරග 2-0ක ජයක් ද හිමි වුණා.
මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ද එහි පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.
ඔවුන්ට 75% ක ලකුණු ප්‍රතිශතයක් හිමිව ඇති අතර, දෙවැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාවට 71.43% ක ලකුණු ප්‍රතිශතයක් හිමිව තිබෙනවා.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව පිළිවෙලින් තෙවැනි හා සිව්වැනි ස්ථානවල රැදී සිටිනවා. ඒ, පිළිවෙලින් 58.33% හා 55.56% ලකුණු ප්‍රතිශතයක් හිමි කර ගනිමින්.
නවසීලන්තයට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් ලැබූ එංගලන්තය මේ වන විට 7 වැනි ස්ථානයේ රැදී සිටිනවා. නවසීලන්තයට හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි.
කොදෙව්වන් 6 වැනි ස්ථානයේත්, බංග්ලාදේශය අවසන් (9) ස්ථානයේත් පසුවනවා.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර හෙට ගාල්ලේ දී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ද ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගාවලියක්.
නවතම ප්‍රසාද ලකුණු සටහන –
